lan englan tam

විඩියෝ ගැලරිය

උන්මාද පෙම්වන්ති මා...

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

‘‘ඔබ දිවි ගෙවූයේ ලොව ම වෙනුවෙනි

මා දිවි ගෙවූයේ ඔබ ම වෙනුවෙනි,

මා සුරත ඔබ දෑතින් ගිලිහුණ

ඒ අවසන් තත්පරය...

හද ගැඹර විවරව ඔබ දෑසින් ගලා ආ ප්‍රේමය

මා දෑස විනිවිද හද පත්ළ කැළඹූ

ඒ අවසන් නිමේෂය...

කෙලෙස නම් අමතක කරන්නද?

සිඳු සදිසි

අප්‍රමාණ ප්‍රේමයක් අබියස

මගේ කුරා කුහුඹු පෙම

කෙසේ නම් ප්‍රාතිහාර්ය පාන්නද?

ඉදින්,

ඔබ රකින්නට මට බැරි විය.

නමුදු,

ඒ ඔබේ උත්තරීතර දිවි ගමන

මට උරුම කර දුන් පන්නරය

සදා රැකගන්නට මට හැකිය...

ඒ වෙනුවෙන් දිවි ගෙවන්නට මට හැකිය...‘‘

පෙම්වත,

ඉදින් මා උන්මාදනීය පෙම්වන්තියකැයි

ඔබ කී වදන් සනාථ නොවන්නෙද?

‘‘තීර්ථයේ‘‘ කුළුඳුල් ගීත නිර්මාණය උන්මාද පෙම්වන්ති...

ගායනය - මීනා ප්‍රසාදිනී

පද රචනය - මංජුල වෙඩිවර්ධන

තනු නිර්මාණය - නාලක අංජන කුමාර

දෘශ්‍ය සිත්තම - සංජීව දේවප්‍රිය සමරකෝන්

කල්වාරි සංසාර ගිරි දුර්ගයේ

සංතාප ගී ගයන

උන්මාද පෙම්වන්ති මා.....

උන්මාද ආදරේ

සංතාන අඩවියේ හංගා නොහංගා

සංතාප ගී ගයන

උන්මාද පෙම්වන්ති මා

අළු අඳුරු අහසකට පුළුවන්ද

මුදු ප්‍රේමයක ඔබව සතපන්න

පය ලකුණු කන්දරාවක මතක බිඳ දමා

මට හැකිය ඔය දෙපය සිපගන්න...

එක නිහඬ මොහොතකට පුළුවන්ද

ඔය කුරුසියෙන් ඔබව මුදවන්න

මට හැකිය සංසාරයක් බරට තටු මවා

ඔබ රැඟෙන ඈතකට ඉගිලෙන්න...

මංජුල වෙඩිවර්ධන

2016 ඔක්තෝබර් 04

Tharu

 

 

Back to top
Go to bottom

Popular News