මෙවර ‘Mirror Arts’ කතා බහ සමග එක් වූයේ රංගන ශිල්පී සමාධි ලක්සිරියි.
ඔබ 'දැකලා පුරුදු කෙනෙක්' චිත්‍රපටය නරඹලා තිබෙනවානම් එහි ‘දිනිති’ගේ චරිතය හරහා ඇය ඉදිරිපත් කරන විශිෂ්ට රංගනය ඔබට අමතක වෙන්න විදිහක් නෑ.
කොහොම උනත් මේ දවස්වල නම් සමාධි ලක්සිරිව වැඩිපුරම දැක ගන්න ලැබෙන්නේ වේදිකාවේ.
මෑත කාලීනව වේදිකාගත වෙන වේදිකා නාට්‍ය බොහොමයක ඇයව දැකගන්න පුළුවන්.
විශේෂයෙන්ම මේ මාසේ සචිත්‍ර රාහුබද්ධගේ ‘ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය' වේදිකා නාට්‍යය හරහාත් ඇයගේ රංගනය ප්‍රේක්ෂකයන්ට දැක ගන්න පුළුවන්.
ඉතින් රංගනය වගේම රාජ්‍ය සේවයේ නිළධාරිනියක් විදිහටත් කටයුතු කරන ඇය මෙවර 'Mirror Arts' කතා බහේදී රංගනය ගැන වගේම සිය ජීවන අත්දැකීම් ගැනත් බොහෝ දේ කතා කළා.
ඇය සංවාදය පුරාම අදහස් බෙදා හදා ගත්තේ හරිම විවෘතව සහ හෘදයාංගමවයි.
ඇය රංගනයෙන් එක්වූ 'දැකලා පුරුදු කෙනෙක්' චිත්‍රපටයයට ඇය සම්බන්ධ වූ ආකාරය ගැන ඇය කිවුවේ මෙහෙමයි.
"ප්‍රියන්ත අයියා නාට්‍ය කරන්න කලින් පොඩි පොඩි work shop කරනවා. ඒකෙදි එක dialogue එකක් මට කියන්න තිබුණා තමන්ට ඒක කියන්න පුළුවන් එක එක විදි වලට. ‘ඔයා බෙහෙත් ගත්තාද?' කියන එක තමයි ඒ dialogue එක. මම ඒක විදි ගණනාවකට කියලා පෙන්නුවා. මලිත්ට (දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටයේ අධ්‍යක්ෂක) කොහොම හරි ඕක වැදිලා තියනවා.
පස්සේ ඔහොම කාලෙකදි මලිත් rehearsal එකක් ඇතුළෙදිම ඇහුවා අපි film එකක් කරමුද කියලා. මම හා කිවුවා. ඉතින් මම කළින් වැඩ කරපු office එකට මලිත් පිටපත ගෙනත් දුන්නා. මම ඒක කියවලා කිවුවා අනේ මලිත් මට මේක කරන්න බැරි වෙයි කියලා. ඒක භූපති ලියපු විශාල පිටපතක්.
මම බැලුවා මේකෙ තියෙන මේ dialog ටිකත් එක්ක නම් මට බැරි වෙයි කියලා. ඒ වගේම ඒකේ තිබ්බ සෙක්ස් seen එකත් එක්ක මම කිවුවා මට මේක කරන්න බැරි වෙයි, ඔයා හොඳ කෙනෙක් එක්ක මේක කරන්න කියලා. පස්සේ මලිත් කතා කරනවා හම්බවෙන්න එනවා ආයෙ කතාකරනවා. මම කල්පනා කරනවා වැඩක් වෙනුවෙන් මනුස්සයෙක් මෙච්චරම කැපවෙනවද කියලා. පස්සේ ඔහු මම ම මේකෙ ඉන්න ඕන කියන තැන තමයි හිටියේ....."
ඉතින් මේ කතාවෙ ඉතුරු ටික වගේම සමාධි සහභාගී වූ සම්පූර්ණ සාකච්ඡාව දැන් ඔබට 'Mirror Arts' යූ ටියුබ් නාලිකාව ඔස්සේ නරඹන්න පුළුවන්.
පහතින් එම සම්පූර්ණ සාකච්ඡාවේ වීඩියෝව දක්වා තිබෙනවා.
සාකච්ඡාව මෙහෙය වූවේ මනෝහාරී හේවාවසම් විසින්.