lan englan tam

පුවත්

ඉතිහාසයේ ප්‍රථම වරට කලා සංස්කෘතික කටයුතු වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයක් !

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකාවේ මෙතෙක් නොතිබූ අංශයක් වන කලා හා සංස්කෘතික කටයුතු වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයක් බිහි කිරීම සඳහා මූලික යෝජනාවක් අද (ජුනි 4) දින ගරු කතානායක ජගත් වික්‍රමරත්න හට බාර දීම කතා නායක කාර්යාලයේදී සිදු වූවා.

කලා සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ මැදිහත්වීම මත මෙම යෝජනාව කතානායකතුමා වෙත බාර දෙනු ලැබුවේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම විසිනි.

කලා හා සංස්කෘතික කටයුතු වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයක් ගොඩනැගෙන්නේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට වන අතර මෙම නව පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය මගින් මෙරට කලා හා සංස්කෘතික ක්ෂේත්‍රයේ නැවුම් වැඩසටහන් රැසක් ආරම්භ  කිරීමට නියමිතයි.

Back to top
Go to bottom