OnScreen 25’ කෙටි චිත්‍රපට සම්මාන උළෙල තරුණ කටයුතු හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණි.
මෙහිදී විමුක්ති දිලංක ප්‍රනාන්දු නම් තරුණ අධ්‍යක්ෂකවරයාගේ නිර්මාණයක් වූ “Whispered Echoes” නම් කෙටි චිත්‍රපටය උළෙලේදී බොහෝ අවධානයට ලක්වූ චිත්‍රපටයක් බවට පත් වූවා.
උමාලි තිලකරත්න, සරත් කොතලාවල, ඉන්දික සනත් වික්‍රමාරච්චිචි සහ රුමාල් ධනංජන විසින් රංගනයෙන් දායකත්වය ලබාදෙන මෙම කෙටි චිත්‍රපටයේ කතාව, දෙබස් සහ නිෂ්පාදන නිර්මාණ සදහා දායක වී ඇත්තේ දිල්හාරා මෙනෙරපිටිය යි. කැමරා අධ්‍යක්ෂණයෙන් ප්‍රමේශ් ඩිල්ෂාන් සහ තවත් බොහෝ දෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙය නිර්මාණය වී තිබෙනවා.
මෙහි නිෂ්පාදය, අධ්‍යක්ෂණය, සංස්කරණය, වර්ණ සංයෝජනය සහ තවත් බෝ දේ විමුක්ති දිලංක ප්‍රනාන්දු විසින්ම සිදු කර තිබීම විශේෂත්වයක්.
සිනමාකරණ හා රූපවාහිනී නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ, ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (UoVT) උපාධියක් හිමි විමුක්ති ප්‍රනාන්දු ප්‍රථමයෙන් මෙම කෙටි චිත්‍රපටය නිර්මාණය කොට තිබුණේ සිය අවසන් වසර උපාධි නිබන්ධනය සඳහායි.
ඒ අනුව විමුක්ති ප්‍රනාන්දුගේ මෙම “Whispered Echoes” කෙටි චිත්‍රපටය පසුගියදා පැවති OnScreen25’සම්මාන උළෙලේදී :
- හොදම සංස්කරණය (Best Editor)
- හොදම කැමරා අධ්‍යක්ෂණය (Best Cinematography)
- හොදම රංගන ශිල්පියා - ජූරියේ විශේෂ සම්මාන (Special Jury Award for Best Actor)
- හොදම කෙටි චිත්‍රපටය සදහා නිර්දේශ වීම (Nominee Best Short Film)
ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබීමට සමත් වූවා.
එමෙන්ම මෙම කෙටි චිත්‍රපටය 14 වෙනි 'Agenda 14' කෙටි චිත්‍රපට උළෙල ද නියෝජනය කර ඇති අතර, Student Academy Awards 2023 (1313 Vine Street Hollywood) ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට ඉදිරිපත් කිරීමට ද සුදුසුකම් ලැබු කෙටි චිත්‍රපටයක් වනවා.
"Whispered Echoes" නම් කෙටි චිත්‍රපටය තුළ මානසික රෝගයක් වන හීන්නෝන්මාදයට (Schizophrenia) මුහුණ දෙන කාන්තාවක වූ 'කල්පනාගේ' මනෝ විභාගාත්මක ගමනක් ආවරණය කරමින් දිවෙන කතාවක් ඇතුළත් වනවා.
ඇයගේ මනස තුළ ඇති ව්‍යාජ සිතුවිලි, ඇයගේ අතීතය හා වර්තමාන සිද්දීන් මගින් ඇයට බල පෑ කම්පනය තුළ ඇය මවාගත් ලෝකයක ඇය තනිවම එය සත්‍යයැයි විශ්වාස කරමින් ජිවත් වන අයුරු මෙහි මනාවට දිස්වේ.
මෙම කෙටි චිත්‍රපටයෙන් පුද්ගලයෙකුගේ මතුපිට ස්වභාවය ඉක්මවා ගිය ගැඹුරු ඇතුලාන්තය සියුම් ව නිරීක්ෂණය කරමින් ප්‍රේක්ෂකයාව යම් දැනුවත් භාවයකට ගෙය යයි.
මෙම කතාව ගොඩනැගී ඇත්තේ කිසියම් එක් සිද්ධියක් වටා නොවන අතර කතාවේ සිටින චරිත කිහිපයක් හරහා ඔවුන්ගේ අවුරුදු ගණනාවක ගොඩනැගී ජීවිතය පිළිබද විශාල වපසරියක් සංශිප්තව දැක්වීමට අධක්ෂකවරයා සමත් වී තිබෙන අතර දිගු චිත්‍රපටයකට සුදුසු අමුද්‍රව්‍ය රාශියක් මෙම කෙටි චිත්‍රපටය තුල ඇති බවයි ඇතැමුන් සදහන් කර තිබුනේ.
මෙම කෙටි චිත්‍රපටය Drama/ Psychological Thriller යන ශානරය යටතට ගත හැකි චිත්‍රපටයක් වනවා.
සිනමාපටයේ රංගන ශිල්පීන්ගේ රංගන කව්ශල්‍යය නරඹන්නටත්, හීන්නෝන්මාදයෙන් පෙළෙන්නන් පිළිබඳ වෙනස්ම කෝණයකින් බලන්නටත් කුකුසක් ඇති ඔබට මෙම කෙටි සිනමාපටය නරඹන්නට ඉදිරියේදී Onliine Digital අවකාශයේ හෝ රුපවාහිනී තිරය මත දැකගැනීමට අවස්ථාව හම්බෙන වෙන බවයි ආරංචි වන්නේ.
මෙහි පූර්ව ප්‍රචාරක පටය ඔබට දැන් පහත youtube වීඩියෝව හරහා නැරඹිය හැකියි.