lan englan tam

පුවත්

මෙරට පාරම්පරික කලා උරුමයේ නව මානයන් සොයා ගිය, "ශේෂ" ළඟදීම රිදී තිරයට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලාංකීය සිනමාවට නැවුම් වෙනසක් එකතු කරමින්, මෙරට පාරම්පරික කලා උරුමයේ නව මානයන් සොයා ගිය, "ශේෂ" (Sheysha) සම්මානනීය සිනමා නිර්මාණය ළගදීම මෙරටදී තිරගත කිරීමට දැන් සියලු කටයුතු සූදානම් බවයි වාර්තා වෙන්නේ.

"Cine Paris Film Festival’’හි විශිෂ්ටතම කුළුදුල් සිනමා අධ්‍යක්ෂණයට හිමි සම්මානයත්, ‘Cannes World Film Festival’ හි විශිෂ්ටතම නර්තන චිත්‍රපටය ලෙසත් විදෙස් සම්මානයන්ට  "ශේෂ" (Sheysha) සිනමා නිර්මාණය පාත්‍ර වී තිබෙනවා.

දේශීය නර්තනය වියැකෙන්නට නොදී රැකගන්නට වෙර දරන, කන්ද උඩරට නර්තන ගුරු පවුලක් වටා ගෙතෙන කතා තේමාවකින් යුත් "ශේෂ" සිනමා නිර්මාණයට ලාංකීය නර්තන කලාවේ දැවැන්තයන් රවිබන්දු විද්‍යාපති සහ චන්දන වික්‍රමසිංහ දායකත්වයෙන් උමාලි තිලකරත්න - චන්දන වික්‍රමසිංහ - යොහාන් ජේස් - මල්කාන්ති ජයසිංහ - තිලිණ ද සිල්වා ඇතුලු ජනප්‍රිය නලු නිලියන් රැසක් රංගනයෙන් එකතු වනවා.

මෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ තරුණ සිනමාවේදී ඉසුරු ගුණතිලකයි.

ගයාත්‍රී කේමදාසගේ සංගීතයෙන් හැඩ වුනු මේ චිත්‍රපටය සමන්ත කුමාර ගමගේ තිර රචනයක්.

චිත්‍රපටයේ ඔබ නොදුටු, නවතම පූර්ව ප්‍රචාරක පටය ලබන 09  වෙනි දා අන්තර්ජාලයට නිකුත් වීමට නියමිතයි.

ඉතින්,"ශේෂ" (Sheysha) චිත්‍රපටය ලාංකීය නර්තන කලාව හා සබැඳුනු අතිශය රමණීය නාද රටාවන් සිනමා තිරය මතින් දැකබලා ගන්නට මෙරට සිනමාලෝලීන්ට මෙය අපූරු අවස්ථාවක් වේවි…!!!

 503252053 1171848501410425 1310602400457537043 n

 

Back to top
Go to bottom