lan englan tam

පුවත්

භීතියට අභියෝග කරමින් ටොම් කෲස් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුප්‍රකට හොලිවිඩ් නළු ටොම් කෲස් ව ඔබ කවුරුත් හොඳින් දන්නවා ඇති,

විශේෂයෙන්ම Mission: Impossible චිත්‍රපට මාලාව හරහා දැවැන්ත ක්‍රියාදාම සපිරි රංගනයන්ගෙන් ඔහුව ප්‍රේක්ෂකයන්ට දැක ගන්න පුළුවන්. ඒ වගේම ඔහු වඩාත් ප්‍රසිද්ධ වෙලා තිබෙන්නේ තම ක්‍රියාදාම ජවනිකා සඳහා ක්‍රියාදාම නළුවෙකු නොමැතිව තමන් විසින්ම ඒවා සිදු කිරීම නිසයි.

ඉතින් මේ සුපිරි හොලිවුඩ් නළු ටොම් කෲස් ගිනස් වාර්තා පොතට එක් වීමට පසුගියදා සමත් උනා. ඒ ටොම් කෘස් රංගනයෙන් එක්වන නවතම චිත්‍රපටය වන Mission Impossible -The Final Reckoning චිත්‍රපටය වෙනුවෙන් සිදුකල ක්‍රියාදාමයක් වෙනුවෙන්.

මෙම ක්‍රියාදාමයේදී ටොම් කෲස් විසින් ගුවනේදී හෙලිකොප්ටරයකින් පැන තම පැරෂුටය දිග හරිනු ලබනවා. ඉන් පසුව එම පැරෂුටයට ගිනි දල්වනු ලබන අතර එය කලින් ඉන්ධන වලින් පොඟවන ලද පැරෂුටයක්.

මෙහි සංවිධයකයින් පවසන්නේ කෲස් ට මෙම ක්‍රියාදාමය සඳහා අඩි 7,500 ට ආසන්න උසකින් පැනීමට සිදුවූ අතර ඉන්ධන පොඟවන ලද පැරෂුටයට ගිනි දල්වූ විට එය තප්පර 03 වැනි කාලයකදී ගිනි ගෙන අවසන් වන අතර ඊට පෙර කෲස් ට එය කපා දමා උපස්ථ පැරෂුටය (backup cute) සම්බන්ධ කර ගත යුතු වෙනවා. ඇතැම් අවස්ථාවල කෲස් විසින් මෙය සිදු කරන ලද්දේ රාත්තල් 50 පමන බර කැමරා ආධරකයක්ද සහිතව බව ඔවුන් පවසනවා.

ටොම් කෲස් විසින් මෙම ක්‍රියාදාමය වරක් දෙවරක් නොව 16 වතාවක් සිදු කල බව ගිනස් වාර්තා නිවේදන පවසනවා. ඒ අනුව ගුවනේදී  ගිනිගෙන දැවෙන පැරිෂුටයකින් වැඩිම වාර ගණනක් පැනීම් සිදු කළ පුද්ගලයා ලෙස ටොම් කෲස් ගිනස් වාර්තා පොතට එක් වුවා. පසුගිය ජූනි 04 වෙනිදා ඔහුට ඊට අදාල නිල පිළිගැනීම පිරිණමනු ලැබුවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් ගිනස් ලෝක වාර්තා සංගමයේ ප්‍රධාන කර්තෘ ක්‍රෙග් ග්ලෙන්ඩේ පවැසුවේ ටොම් කෲස් යනු නිකන්ම ක්‍රියාදාම රඟ දක්වන්නෙක් නොව නොහු සැබෑම ක්‍රියාදාම වීරයෙකු වන බවයි. ("Tom doesn't just play action heroes — he is an action hero!")

එමෙන්ම ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ඔහුගේ දැඩි අවධානයත්, සාමාන්‍ය පුද්ගලයෙකුට කල හැකි දේවල් වල සීමා ඉක්මවා යාමට ඔහු දරණ දැඩි උත්සහයත් ඔහුගේ සාර්ථකත්වයට හේතු වී ඇති බවයි. එමෙන්ම මෙම ලෝක වාර්තාව හරහා ඔහුගේ සම්පූර්ණ නිර්භීත භාවය හඳුනාගනීමට ලැබීම ගෞරවයක් බවයි.

ap25139098878872

මෙම ක්‍රියාදාම ජවනිකා ටොම් කෲස්ට අලුත් දෙයක් නොවන අතර ඔහු විසින් "Mission: Impossible" චිත්‍රපට මාලාව තුළ සිදු කරන ලද ක්‍රියාදාම සැළකීමේදී ඒවා බෙහෙවින් ඉහළ ස්ථානයක පවතිනවා. පෙර චිත්‍රපටවල ඔහු ඉදිරිපත් කළ ගුවනේදී ගුවන් යානයක භාහිර පැත්තකින් එල්ලී ගමන් කිරීම, දැඩි බෑවුමක් සහිත පටු කන්දකින් යතුරු පැදියකින් ගමන් කිරීම, ලොව උසම ගොඩනැගිල්ලට නැගීම වැනි ක්‍රියාදාම ජවනිකා රැසක්ම ඔහු විසින්ම සිදු කොට තිබෙනවා.

එමෙන්ම මෙය ටොම් කෲස්ගේ දෙවන ගිනස් ලෝක වාර්තාව ලෙස යි සදහන් වන්නේ.

Back to top
Go to bottom