රිදී තිරය මත එකින් එක දර්ශන පතිත වෙනවා. මෙච්චර වෙලා නොසන්සුන් වෙලා හිටපු සියලු දෙනාම මීයට පිම්බාක් වගේ නිශ්ශබ්ද වුණා. විශේෂයෙන් එහාට මෙහාට දඟල දඟල හිටිය පුංචි ළමයි. අපේ දෝණිගෙත් දැන් සද්දයක් නෑ. ටික වෙලාවයි ගියේ. දෝණි මගේ අත කොනිත්තන්න ගත්තා. ‘අනේ අම්මේ . . . මේ ඉන්නේ අපේ අප්පච්චිම නේද? . . . දෝණි කනට කරලා කොඳුරනවා.
‘කෑ ගහන්නේ නැතුව බලන්න . . .’
මම සැර කරනවා.
ආයෙත් ටික වෙලාවයි ඇයට නිශ්ශබ්දව ඉන්න පුළුවන් වෙන්නේ.
‘අම්මේ අර බලන්නකො, අපේ අප්පච්චි කරන දේවල්මනේ මේ අප්පච්චිත් කරන්නේ’
දෝනිගේ කතාව ඇත්ත තමයි. එයා විතරක් නොවෙයි මගේ තාත්තාත් මේ වගේම නේදැයි මට හිතුණා. මේ අපි දෙන්නගේ සිතුවිලි විතරයි. ඒත් මේ කතාව බලන හැම කෙනෙකුටම එහෙම හිතෙන්න ඇති.
මේ ඉන්නේ අපි කවුරුත් ප්‍රාර්ථනා කරන අප්පච්චි. චිත්‍රපටයේ හැටියට නම් හරිස්චන්ද්‍ර. හරිස්චන්ද්‍ර ඒ තරම්ම ලාංකික ජීවිතවලට සමීපයි. ඒ තමයි අපේ තිබෙන පවුලේ බැඳීම. කුටුම්භයේ ආරක්ෂකයා විදියට ආදරය, සෙනෙහස, රැකවරණය සියල්ල දිවි දෙවෙනි කොට පරිත්‍යාග කරන්නා. අපිට හරිස්චන්ද්‍ර හමු වුණා. ඒ මේ දිනවල තිරගත වන ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටයේ හරිස්චන්ද්‍ර.
ජැක්සන් ඇන්තනී . . .
මේ නම සිනමාවට අලුත් දෙයක් නොවෙයි. ඒත් ඔහු දැන් හරිස්චන්ද්‍රගෙන් මිදිලා. පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. මට හිතෙන්නේ තවත් රූපණයකට වෙන්න ඇති කියලයි. නමුත් හරිස්චන්ද්රට බැඳුණු ප්‍රේමය වඩ වඩාත් ඔහු සිත තුළ උද්දීපනය වනුයේ දැන්ය. ඒ සුවහසක් වූ ප්‍රේක්ෂක ප්‍රතිචාර සමඟ.
‘දැන් අපේ රටේ අතීතයේ හරිම ස්වභාවික වීරයෝ හිටියා. ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, විජය කුමාරතුංග වැන්නෝ රඟපාපු චිත්‍රපට ගත්තම චණ්ඩියා හරි ගෝරිං මුදලාලි හරි ගත්තම විලී මහත්තයා හරි ඒගොල්ල මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් වීරයෝ. හැබැයි ඊට පස්සේ ආව ප්‍රවණතාවක් ජ්චදබචඵර වීරයෝ. ඒකේ උපරිම අවස්ථාව තමයි සුපර් මෑන්, බැට් මෑන්, ස්පයිඩර් මෑන්. ඒගොල්ලෝ ලෝකෙ නෑ. බලන ප්‍රේක්ෂකයොත් දන්නවා එහෙම වෙන්නේ නෑ කියලා. නමුත් බලන් ඉන්නවා. අන්න එහෙම වීරයෝ ඉන්න චිත්‍රපට මාලාවන් පහුගිය කාලේ ගොඩ නැඟුණ නිසා නැවතත් ස්වභාවික වීරයෙකුට ඉඩ ලැබුණා. හරිස්චන්ද්රට පසුබිම් වූ වීරයා පහළ වෙන්නේ ජපානෙන්නේ. ආසියාතික වීරයෙක් මෙයා.
ආසියාතික සංකල්පය තමයි පවුලේ වීරයා. මම ගත්තොත් මගේ වීරයා මගේ තාත්තා. එයා ඉතාම සාමාන්‍ය කෙනෙක්. පොඩිවීකුඹුරේ බෙනඩික්ට් ඇන්තනී. හැබැයි මගේ වීරයා. අන්න ඒක තමයි මේ ආසියාතික පවුලේ සංකල්පය. මේ කතාව තමයි මුලින්ම ජපාන නවකතාවක් බවට පත් වෙලා. මුලින්ම චීන ටෙලි වෘත්තාන්ත බවට පත් වෙලා පස්සේ චිත්‍රපටවලට නැඟුණේ. චීන ටෙලි වෘත්තාන්තය දුටු මලයාලම් තිරකතාකරුවා ජිතු ජෝශප් තමයි මේක ඉන්දියාවට ගේන්නේ. දෘශ්‍යම් නමින් මලයාලම් චිත්‍රපටයක් බිහි වෙනවා ඒ ඇසුරින්. ඊට පස්සේ කණ්ණඩ චිත්‍රපටයක් වෙනවා. දෙමළ චිත්‍රපටයක් බිහි වෙනවා. තෙළිඟු චිත්‍රපටයක් වුණා. ඊට පස්සේ හින්දි චිත්‍රපටයක් වුණා. සය වෙනුව තමයි මේක සිංහල චිත්‍රපටයක් වෙන්නේ. එහි තමයි හරිස්චන්ද්‍ර කියන චරිතය ගොඩ නැඟෙන්නේ.’
ජැක්සන් හරිස්චන්ද්‍රගේ මූලබීජය සොයා යනවා. වේදිකාව තුළ හරඹ කරපු ඔහු වැන්නෙකුට විදේශීය චරිත තමන්ගේ කොට නිරූපණය කිරීමේ හැකියාව සහ අවස්ථාව උදා වූ පළමු මොහොත මෙය නොවේ. ඔහු නාට්‍යකරුවකු ලෙස හැම්ලට් දකිනවා. ජෝන් පෝල් මරාව දකිනවා. රෝමියෝ දකිනවා. ධවල භීෂණ වගේ නාට්‍යයක ඔහු ප්‍රංශ හෙන්රි මවනවා. ඒ නිසා මේ අනුවර්තන, පරිවර්තන ඔහුට අමුතු දේවල් නොවේ.
‘අපි නාට්‍යකරුවෝ හැටියට අපිට අනුවර්තන පරිවර්තන සුපුරුදු දෙයක්. ඒ පුරුද්ද සිනමාවට ඇවිල්ලත් හුඟක් කල්. අපි ගත්තොත් ‘මාතලං’ චිත්‍රපටය ඒක ‘මංගම්මා සබඳම්’ දෙමළ චිත්‍රපටයේ අනුවර්තනයක්. ‘අල්ලපු ගෙදර’ ගත්තොත් ‘අඩුතු වීඩු පෙන්’ චිත්‍රපටය ඇසුරින් නිර්මාණය වූවක්. මෑතකාලීනවත් ඒ වගේ අඥථචඬඥ ඇති වුණා. පසුගිය කාලේ ආපු ප්‍රවේගය, මායා වගේ චිත්‍රපට උදාහරණ. ඉතින් ධර්ම යුද්ධය කියන්නෙත් ඒ වගේ අඥථචඬඥ එකක්.’
හරිස්චන්ද්‍ර ගලාගෙන එන උණුසුම් ප්‍රතිචාරවලින් ජැක්සන්ගේ හිත පිරිලා. නොසිතූ විරූ අයුරින් පේ්රක්ෂක ජනතාව ‘ධර්ම යුද්ධය’ වැලඳ ගැනීම ඊට එක හේතුවක්. වර්තමානය වන විට තාක්ෂණයේ දියුණුවත් සමඟ මේ ප්‍රතිචාර දැනීම් වැඩියි කියලයි ඔහු කියන්නේ. විවිධ සමාජ ජාල, වෙබ් අඩවි, මුහුණු පොත මේ සියල්ල හරහා අසීමාන්තික ප්‍රතිචාර ඔහු වෙත ලැබෙමින් පැවතෙනවා. මෙරට පමණක් නොව විදෙස්ගත ප්රේක්ෂකයන්ගෙන් පවා. මේ චිත්‍රපටයට අසීමිත ජනතා ප්‍රසාදයක් ලබන්න හේතු වූ කරුණු කාරණා හඳුනා ගැනීමත් එක් අතකින් වඩාත් වැදගත් වෙනවා. වර්තමානය වන විට චිත්‍රපටය වෙනුවෙන් වෙන් වූ ප්‍රේක්ෂක කණ්ඩායම් සිනමාව හැර යමින් සිටියදී ‘ධර්ම යුද්ධය’ බදා වැලඳ ගැනීමට තරම් හේතුව සුවිශේෂියි.
‘මට නම් දැනෙන පළවෙනි කාරණාව තමයි පිටපතයි මේ කතා වස්තුවයි. දෙවනුව මේ කතාව ඉදිරිපත් කරන විලාසයයි. මේක ඉන්දියානු සිනමාවේ වර්තමාන හැඩතලය වෙන්න පුළුවන්. නමුත් අපේ සිනමාවට ප්‍රේක්ෂකයෝ කැඳවන්න ආදර්ශයක් ගත හැකි මේ හැඩතලය ගැන අපි කල්පනාකාරී විය යුතුයි.’
හරිස්චන්ද්‍ර මවන්න ජැක්සන්ට සෑහෙන වෙහෙසක් ගන්න සිදු වෙන්න ඇති. වෙනත් රටක වෙනත් භාෂාවකින් මැවුණු චරිත අපේම කරන්නට ඔහු ගත් උත්සාහය ගැනයි මේ.
මේ චිත්‍රපටයේ මට මුලින්ම ලැබුණේ තිර පිටපතයි. මේක මට ලැබෙන කොට මම ‘සී රජ’ ටෙලි නාට්‍යයේ වැඩ කටයුත්ත එක්ක කාර්යබහුල වෙලයි හිටියේ. මහරාජා ආයතනයේ ශක්ති රේඩියෝ ප්‍රධානී චමන්තන් රාජ් තමයි සම්බන්ධීකරණ කටයුතු කළේ. තිර පිටපත දුන්නට මගේ කාර්ය බහුලකම නිසා සති කිහිපයක් යනතුරු මට ඒක කියව ගන්න බැරි වුණා. ඊට පස්සේ තිර පිටපත කොහොම හරි කියව ගත්තම මම ඒකට හුඟාක් කැමැති වුණා. ඒ අනුවර්තනය ප්‍රගීත් රත්නායක ඉතාම හොඳින් කරලා තිබුණා. නමුත් රූගත කිරීම් ඔවුන් යොදා ගත් දිනවලට මට කරන්න බැරි තත්ත්වයක් උදා වුණා. නමුත් තිර පිටපත සකස් කරත්දීම ඒ ඒ චරිතවලට නළු නිළියන් ඔවුන් තෝරාගෙන හිටියා. ඒ අය ස්ථිර නිගමනවල හිටිය නිසා ෂෙඩුයුල් ඔක්කොම වෙනස් කරලා චිත්‍රපටය කළා.
තිර පිටපත ලැබුණට පස්සේ තමයි මම මේ ගැන අධ්‍යයන කරන්න පටන් ගත්තේ. මගේ අධ්‍යයන කාර්යයේදී මලයාලම් චිත්‍රපටය, දෙමළ චිත්‍රපටය හා හින්දි චිත්‍රපටය මම නැරඹුවා. ඊට පස්සේ මම ඒ චරිතය ලංකාවට අනුගත කරන්න උත්සාහ කළා. ඒ සඳහා මට දිල්හානි, තිසුරි, වගේම පුංචි දියණිය, කුමාර තිරිමාදුර ඇතුළු සියලුදෙනාගේම රංගන සහාය ලැබුණා. පෙර කී චිත්‍රපටවල ප්‍රධාන නළුවන්ගේ රංග කාර්යනුත් මම අධ්‍යයනය කළා. මලයාලම් චිත්‍රපටයේ මේ චරිතය නිරූපණය කළේ මොහාන්ලාල් නම් මලයාලම් රජ්ජුරුවෝ හැටියට හඳුන්වන නළුවා. ඔහු භාවිත කළේ ඉතාම ස්වභාවික රංග ශෛලියක්. දෙමළ චිත්‍රපටයේ කමල්හසන් පාවිච්චි කළේ නාටකීය රංග ශෛලියක්. හින්දි චිත්‍රපටයේ අජේ දේව්ගන් රඟපෑවේ සිනමාවේ බයිස්කෝප් වීරයාගේ රංග ශෛලියක්. මම හිතුවේ හරිස්චන්ද්‍ර මවන්න මම භාවිත කරන්නේ ස්වාභාවික රංග ශෛලියක් කියලයි.
අපේ රටේ හැම නිවෙසකටම හරිස්චන්ද්‍ර කෙනෙක් අත්‍යාවශ්‍යයි. හැම නිවෙසකින්ම බලාපොරොත්තු වෙන්නේ හරිස්චන්ද්‍ර වගේ සැමියෙක්. පියෙක්. මේ සංවේදී සිද්ධාන්තය තමයි ‘ධර්ම යුද්ධයට’ මෙරට ප්‍රේක්ෂක ජනතාව මෙතරම් ඇලී ගැලීමට හේතුව කියලා මට හිතෙනවා. අපි කවුරුත් කැමති ඉතාම සුන්දර පවුල් ජීවිතයක් ගෙනයන්න. මේ සොඳුරු පවුල විනාශ කරන්න කුමන මොහොතක විෂ බීජයක් ඒවිදැයි අපි කිසිවෙකුත් නොදන්න කරුණක්. තමන්ගේ දරුවන්ට බිරිඳට අසීමිතව ආදරය කරන පියෙකුට පවුල වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ. අනිත් අතට තම පවුල් ප්‍රශ්න පිටට නොදී පවුල තුළම විසඳා ගැනීමට කවුරුන් තුළත් ආත්ම අභිමානයක් තිබෙනවා.
මට මේ චරිත නිරූපණයට අමුතුවෙන් අනුගත වෙන්න දෙයක් තිබුණේ නැහැ. මගේ හැබෑ ජීවිතේ මම ආදරණීය අප්පච්චි කෙනෙක්. මටත් දුවක් ඉන්නවා. පියෙකුට දැනෙන ඒ සංවේදී සිතුවිලි මගේ හදවතේ ගැඹුරුම තැනක තැන්පත් වෙලා තිබෙනවා.’
මේ දිනවල ඔහු අලුත් හරඹයක බව මට දැනුණා. ඒකට හේතුව ඔහුගේ බාහිර ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබීමයි.
‘අලුත් චරිතයක් නේද?
ඔව්, ඉස්සරහට අපි දකින අලුත් සලරුවක්’
‘ලලිත් රත්නායක කියන අපූරු ටෙලි නාට්‍යකරුවා කරන කුලුඳුල් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මම මේ දවස්වල රඟපානවා. ඒකට තේමා වෙන්නේ අපේ අධ්‍යාපන ක්රමයේ විෂමතා හා වකුගඩු රෝගය ආශ්රිත ප්‍රශ්නයක්. එකේ නම ‘විෂම භාග‘. මම ඒ චිත්‍රපටයේ ගණිත ගරුවරයා.’
මෙයට ටික කලකට ඉහත ජැක්සන් ඉතාමත් සුවිශාල කාර්ය භාරයකට අත ගැසුවා අපට මතකයි. ඒ 2018 දී එළි දක්වන බලාපොරොත්තුවෙන් ඔහු නිර්මාණය කරන 1818 චිත්‍රපටය. මේ වනවිට ඔහුගේ පාර්ශ්වයෙන් සිදු විය යුතු කාර්යභාරය නිම කර මෙරට ව්‍යාපාරික ප්‍රජාවට ඉදිරිපත් කොට, ඒ වෙනුවෙන් පිරිවැය සොයමින් සිටිනවා. ඉදිරි කාලය ඇතුළත ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ඔහුට ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා.
‘වර්තමානය වන විට බෙහෝ දෙනෙක් කියන්නේ සිනමාව කඩා වැටිලා, අර්බුදයට ලක්වෙලා කියලයි. නමුත් තවමත් අපට ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත හැකි චිත්‍රපට නිෂ්පාදනය කරන්න පුළුවන්. එකම දේ වර්තමානයේ අපට හොඳ තිරකතා රචකයන්ගේ අඩුපාඩුවක් තිබීමයි. ඩේවිඩ් ලීන් කියලා තියෙනවා චිත්‍රපටයක සාර්ථකත්වයේ 75% ක්ම තියෙන්නේ තිර කතාවේ කියලයි. මේ න්‍යාය අපිට පිළිගන්න වෙනවා. වර්තමානයේ අපි මුහුණ දෙන ප්‍රධානම ගැටලුව හොඳ තිර කතාවන්ගේ හිඟයයි. ඉස්සර අපට වෘත්තීය තිර කතා රචකයෝ හිටියා. දැන් එහෙම වෘත්තීය තිර කතා රචකයෝ එක් කෙනෙක්වත් ඉන්නවද?
හේමාලි විජේරත්න
සරසවිය