lan englan tam

විශේෂාංග

අපේ සම්මාන ජූරි සහ ඔස්කා සම්මාන ජූරිය - ලක්මිණ රණසිංහ -

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2025 ඔස්කා සිනමා සම්මාන උළෙලේ ජූරි සභිකයින්ගේ ප්‍රමාණය දහදාස් පන්සීයකට (10,500+) වඩා වැඩියි කියලා දන්නවද මිත්‍රයා? ඔව්! මේ ගාණ හැම අවුරුද්දෙම වැඩි වෙනවා.

Motion Picture Arts and Sciences ඇකඩමියේ ලියාපදිංචි වෙලා ඉන්න සිනමාවට සෘජුව සහ වක්‍රව සම්බන්ධ නිර්මාණ ශිල්පීන් ඇතුළු විවිධ පිරිස් තමයි ඔස්කා ජූරියේ ඉන්නෙ. වට කිහිපයක සුවිශේෂී online රහස් ඡන්ද විමසුමකින් තමයි නිර්දේශ නාම සහ ජයග්‍රාහකයින්ව තෝරන්නෙ. මේ ක්‍රමවේදය ප්‍රයිස්වෝටර්හවුස්කූපර්ස් ආයතනයෙන් විගණනය කරනවා.

AMPAS ID Logo

ජූරි සාමාජිකයින්ගේ විෂය ක්ෂේත්‍රය අනුව ජූරි ශාඛාවලට ඒ අයව බෙදෙනවා. නළු නිළි ශාඛාව, අධ්‍යක්ෂවරුන්ගේ ශාඛාව, තිර රචකයින්ගේ ශාඛාව, සංස්කරණ ශිල්පීන්ගේ ශාඛාව ඇතුළු ශාඛා 19ක් තියනවා.

ඒ ඒ ශාඛාවේ සාමාජිකයින් තමන්ගේ ශාඛාවේ විෂයට අදාළ ජයග්‍රහණ තෝරන්න මනාප දෙනවා. උදාහරණයක් විදිහට නළු නිළියො ඉන්න ජූරි ශාඛාවට පුළුවන් රංගනය සම්බන්ධ අංශවල නළු නිළියන් වෙනුවෙන් මනාප දෙන්න විතරයි. සංගීතඥයින් ඉන්න ශාඛාවට පුළුවන් සංගීතයට අදාළ ජයග්‍රාහකයා වෙනුවෙන් මනාප දෙන්න විතරයි.

ඒත් හොඳම ෆිල්ම් එක තෝරන එකට විතරක් හැම ශාඛාවකම ඉන්න හැමෝටම මනාප දෙන්න අවස්ථාව තියනවා. හොඳම ෆිල්ම් එක තෝරද්දි එක සාමාජිකයෙක්ට මනාප 10 ක් දෙන්න පුළුවන්. ඒත් අනිත් සම්මාන අංශවලට ‍දෙන්න පුළුවන් මනාප 5 ක් විතරයි.

ඔස්කා සම්මානයක් දිනන්න නම් 50%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ගන්න ඕනෙ.

පළවෙනි වටයේ 50%ක් නැත්නම්, අඩුම ප්‍රතිශතයක් තියන නාම යෝජනා ඉවත් කරලා ඒ නාම යෝජනාවේ තියන ඊළඟ මනාපය සලකා බලනවා. මේක වට කිහිපයකින් වෙන ටිකක් සංකීර්ණ වැඩක්. මේ වැඩේදි ජූරි සාමාජිකයින් තමන්ගෙ මනාප 10 හෝ 5 දෙන අනුපිළිවෙළ / ප්‍රමුඛතාව ගොඩක් වැදගත් මිත්‍රයා.

download 9

ඔස්කා ජූරියේ ලොකුම ශාඛාව නළු නිළි ශාඛාව නිසා හොඳම ෆිල්ම් එක තෝරද්දි නළු නිළි ශාඛාවෙන් වෙන බලපෑම ගොඩක් වැඩියි. මේ නිසා වඩාත් හොඳ රංගනයන් තියන ෆිල්ම්වලට, හොඳම ෆිල්ම් එක වෙන්න වැඩි චාන්ස් එකක් තියනවා.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක් වන April Reign කියන කළු ජාතික කාන්තාව 2015 දි ට්විට් කරපු #OscarsSoWhite හෑෂ් ටැග් එක නිසා ඔස්කා ජූරියේ සංයුතිය ගැන ආන්දෝලනයක් ඇති වුනා. 2014 දි රංගන අංශ 4ට නිර්දේශ වුන 20ම සුදු ජාතිකයො නිසා තමයි ඇය #OscarsSoWhite හෑෂ්ටැග් එකෙන් ඔස්කා ජූරියේ පක්ෂපාතී බවට අභියෝග කරේ.

0225 reign 1000x665#OscarsSoWhite නිර්මාණය කළ April Reign

The LA Times ආයතනය කරපු ගවේෂණයකට අනුව ඒ කාලෙ ඔස්කා ජූරියේ හිටපු අයගෙන් 94% ක් සුදු ජාතිකයො. ඒ වගේම 76% ක් පිරිමි, 86% ක් වයස 50 ට වැඩි අය, ජූරි සාමාජිකයින්ගේ ඇවරේජ් වයස 63ක්!  හුටා!!  ඔස්කා ජයග්‍රහණයි මේ අසමතුලිත ජූරි සංයුතියයි අතර නරක ගැළපීමක් විශ්ලේෂකයන්ට පෙනුනා. 50+ අය විශාල ප්‍රමාණයක් ඔස්කා ජූරියේ හිටපු නිසා විනිශ්චයන්වල නව්‍ය බව අඩුයි කියලා පුළුල් කතා බහක් ඇති වුනා.

මේ හෙළිදරව්වෙන් පස්සෙ ජූරි සාමාජිකයන්ගේ ප්‍රමාණයයි විවිධත්වයයි වැඩි කරලා ජූරි සංයුතිය වෙනස් කළා. වයස අවරුදු 50 අඩු අයව, කළු ජාතිකයින්ව සහ කාන්තාවන්ව ජූරියට අරගෙන පුළුවන් තරම් සාධාරණ සංයුතියක් ජූරියේ පවත්වාගන්න ඔස්කා සංවිධායකයින් උත්සහ කළා. ඒත් ඇමරිකාවේ සමාජ, සංස්කෘතික, දේශපාලන සහ ජාතික මතවාද ඔස්කා ජූරිය ඇතුලෙ ස්වභාවිකවම තියනවා. ඒවා නවත්තන්න සක්‍රයගෙ පුතා වයිමටවත් බෑ මිත්‍රයා.

ඔස්කා ජූරිය 100% ක් සාධාරණ නෑ. ෆිල්ම් රිලීස් වෙන දිනය, ෆිල්ම් එක වෙනුවෙන් කරන කැම්පේන්, ෆිල්ම් එකේ මතවාදය වගේ දේවල් නිසාත් ජූරි තීරණවල සාධාරණ බව ටිකක් අඩු වෙනවා.

ඒත් විශාල ජූරියක් ඉන්න නිසා වරදින්න තියන චාන්ස් සහ බලපෑමක් කරලා සම්මානයක් ගන්න තියන චාන්ස් දැන් ගොඩක් අඩුයි. ඒත් දැවැන්ත නිෂ්පාදකයින් ඔස්කා ජූරි සභිකයින්ට වක්‍රව බලපෑම් කරපු තැනුත් තියනවා. 1999 දි Saving Private Ryan ෆිල්ම් එක යටපත්කරගෙන Shakespeare in Love ෆිල්ම් එක හොඳම ෆිල්ම් එක විදිහට දිනපු අවස්ථාවත් ඒ වගේ ආන්දෝලනාත්මක තැනක්.

p21441 v h10 av1998 වර්ෂයේ නිකුත් වූ Steven Spielberg අධ්‍යක්ෂණය කළ 'Saving Private ryan' චිත්‍රපටය

නිර්මාණ විනිශ්චය කරන ලෝක මට්ටමේ අලුත් ප්‍රායෝගික සංකල්ප ගොඩක් දැන් තියනවා.

ඒත් ශ්‍රී ලංකාවෙ සම්මාන ජූරි මේ update සංකල්ප භාවිත කරනවද කියන එක ප්‍රශ්නයක්. අඩුම තරමෙ අපේ සම්මාන උළෙලවල්වල ඒ ඒ සම්මාන අංශ ගැන පැහැදිලි නිර්වචනයක්, අර්ථකතනයක් නෑ. උදාහරණයක් විදිහට, නැගී එන නළුවාව නිර්වචනය කරන්නෙ කොහොමද? හොඳම නළුවා යනු ප්‍රධාන භූමිකාවක් විතරක් කරන කෙනෙක්ද? යම් නළුවෙක්ට හඬකැව්වෙ වෙන කෙනෙක් නම් ඒ නළුවා සම්මානයට සුදුසුද?

ලෝකෙ ප්‍රමිතිගත සම්මාන උළෙලවල්වල නම් මේ හැම දෙයක්ම නිර්වචනය කරලා තියනවා. ඔස්කාවල නම් නළුවෙක් මොන තරම් හොඳට රඟපෑවත් හඬකවලා තියෙන්නෙ වෙන කෙනෙක් නම්, සම්මානවලට නිර්දේශ වෙන්න ඒ නළුවට සුදුසුකම් නෑ.

ශ්‍රී ලංකාවේ සම්මාන උළෙලවලට අලුත් සම්මාන අංශ හඳුන්වලා දෙන්නම ඕනෙ. Best Title, Title Design, Trailer, Casting වගේ අලුත් අංශවලටත් සම්මාන දුන්නොත් ගැම්මක් තමයි මිත්‍රයා. මේ සම්මාන අංශ ඔස්කාවලවත් තාම තිබිලා නෑ. ඒත් Best Casting අංශය 2025 ඉඳලා ඔස්කාවලට හඳුන්වලා දෙන්න නියමිතයි.

Oscars Casting

 

සම්මාන උළෙලවල්වලට පුළුවන් කලාව යන දිශාව තීරණය කරන්න. ශ්‍රී ලංකාවේ සම්මාන උළෙලවල් හැම අතින්ම update උනොත් අපේ රටේ සම්මාන රාත්‍රීන් සහ ඒවායේ දිගුකාලීන ප්‍රතිඵල මීට වඩා සුන්දර වෙන එක සක්‍රයගෙ පුතා වයිමටවත් නවත්තන්න බෑ මිත්‍රයා.

කර්තෘ - ලක්මිණ රණසිංහ

(උපුටා ගැනීම 'Lakmina Ransinghe' Face book පිටුව ඇසුරිනි)

Back to top
Go to bottom