නාට්‍ය විකාශය නෙවෙයි මිලයි ප්‍රශ්නේ
සුනිල් කොස්තා අධ්‍යක්ෂණය කළ නවතම ටෙලි සිතුවම සුදු ඇඳගෙන කළු ඇවිදින් මේ දිනවලදී ජාතික නාලිකාවේ විකාශය වේ. සිරි සිරිමල්, සිහින වසන්තයක්, සුදුයි උසයි, රෝද හතරේ මනමාලයා, පියස, පින්සර දොස්තර වැනි නාට්‍ය නිර්මාණය කළ සුනිල්ගේ අටවැනි ටෙලි නාට්‍යය මෙය වේ. නිතර නිර්මාණකරණයේ නොයෙදුනද ඉඳහිට තනන ටෙලි සිතුවම මතක හිටින එකක් බවට පත් වන්නේ ඒවාහි ඇති වෙනස්ම කතා විලාසය නිසාය. සුදු ඇඳගෙන කළු ඇවිදින් එවැනිම වූ ටෙලි නිර්මාණයකි. මේ වන විට එය ඉහළ ප්‍රතිචාර ලබමින් විකාශය වන වග පෙනෙන්නට තිබේ. සුදු ඇඳගෙන කළු ඇවිදින් පිළිබඳ වැඩි විස්තරයක් අධ්යක්ෂ සුනිල්ගෙන් මෙලෙස අපි විමසීමක් කළෙමු.
ඔබ ටෙලි නිර්මාණ ගෙන එන්නට දිගු කාලයක් ගත කරනවා. එයට හේතුව?
ඒක මං හිතලා කරන දෙයක් නෙවෙයි. මමම ලියාගන්න එපායැ. ලියල ඉවර වෙන කාලය අනුව තමයි වැඩක් කරන කාලය තීරණය වෙන්නේ. මගේ ආත්ම ප්රකාශනයක් හැටියටයි මගේ නිර්මාණයක් එළි දක්වන්නේ. ඒකට යම් කාලයක් අවශ්‍යයි.
වෙනත් අයගේ පිටපත් ඔබ ප්‍රතික්ෂේප කරනවාද?
නැහැ. පියස වගේ නාට්‍යයක පිටපත මගේ නෙවෙයි. මට අවශ්‍ය පරිදි පිටපත සකසා ගන්න දෙනවා නම් මං වෙනත් අයගේ හෝ පිටපත් ගන්නට සූදානම්.
සුදු ඇඳගෙන කළු ඇවිදින් . . . මොකක්ද මෙවර ඔබේ මාතෘකාව?
දැන් බලන්න, මිනිස්සු හැටියට අපේ හැබෑව නෙවෙයිනෙ පිටතට පෙනෙන්නේ. ඔයා වුණත් මං වුණත් එහෙමනෙ. අපි අපි නෙවෙයි මේ ඉන්නේ. සමහරු ඇතුළෙන් කළු වුණාට සුදු ඇඳගෙන ඉන්නේ. එහෙම කරන්නේ පිටතට පේන්න. සමහරු කළු ඇඳගෙන ඉන්නවා. නමුත් ඇතුළාන්තයෙන් සුදුයි. මේ වගේ චරිත රැගත් අපේම කතාව තමයි මේ.
මේ සඳහා නළු නිළියන් තෝරා ගත්තේ?
පිටපත ලියද්දීම චරිතවලට නළු නිළියන් මනසින් මවා ගත්තා. ඒ අයවම මට ගන්නට ලැබුණා. එක් කෙනෙක් වගේ ගන්න බැරි වුණේ දින ප්‍රශ්න හින්දා. අනෙක් සියලුදෙනා මට අත්‍යවශ්‍ය වූ අය.
වෙනත් අධ්‍යක්ෂවරුන්ට වගේ නළු නිළි ගැටලු ඔබට නැහැ?
දින ප්‍රශ්න තමයි තියෙන්නේ. ඒකටත් මට මුකුත් කියන්න බැහැනෙ. අපි ඔක්කොම මේකෙන් ජීවත්වන උදවියනෙ. මාසෙට දින දහයක් එක ටෙලි නාට්‍යයකට දීලා නළුවකුට හෝ නිළියකුට ජීවත් වෙන්න බැහැ. එහෙම දින වෙන් කරලා බලාගෙන ඉන්නත් බැහැනෙ.
ටෙලි නාට්‍ය හදලා විකාශය කරගන්න අමාරුයි කියලා සමහරු චෝදනා කරනවා?
විකාශය කිරීමේ ප්‍රශ්න නෙවෙයි මිල සම්බන්ධයෙනුයි ගැටලුව තියෙන්නේ. අපට නියමාකාර මිලක් ලැබෙනවා නම් වටිනවා. අපිත් මහන්සියෙන්නේ මේ නිර්මාණ කරන්නේ. හොඳ නාට්‍යයක් නම් විකාශය කරගන්නට අපහසු නැහැ.
සුදු ඇඳගෙන කළු ඇවිදින් සඳහා හොඳ මිලක් ලැබුණද?
මං කිව්වේ අපි බලාපොරොත්තු වන මිලක් ගන්න අපහසුයි. මමත් නාළිකාවත් අතර යම් එකඟතායකට ඇවිත් තමයි නාට්‍ය විකාශය කළේ. එයාලා කිව්වා ජනප්‍රිය දර්ශකයකට ආවොත් ගෙවීම වැඩි කරනවා කියලා.
ඔබ සාමාන්‍යයෙන් නාට්‍යයක් රූපගත කිරිමට යොදා ගන්නේ කොළඹින් පිට දර්ශනතල?
කාමර ඇතුළේ නාට්‍ය කෙරුවාවක්නෙ දැන් තියෙන්නේ. ඒක මිනිස්සුන්ට ඇති වෙලා. පරිසරයත් එක්ක බද්ධ වෙලා නිර්මාණ්යක් කරද්දී නිර්මාණකරුවෝ විදිහට අපිටත් සතුටක්. මිනිස්සුත් ආසවෙන් නිර්මාණ රස විඳිනවා. මම කොළඹ නාට්‍ය කරන්නෙම නැති තරම්. පිට පළාතකට ගියාම හරි ලෙහෙසියි. හොඳට කල් වේලා අරන් නිදහසේ වැඩ කරන්න හැකියි.
සුදු ඇඳගෙන කළු ඇවිදින් රූපගත කරන්නට ගිහින් වෙච්ච අමතකම නොවන අත්දැකීම් එහෙම තියෙනවාද?
බකමුණ අවට තමයි රූපගත කිරිම් කළේ. එහෙට හරියට අලි ප්‍රශ්න. රාත්‍රියට ගමේ මිනිස්සු ගිනිමැල පත්තු කරගෙන අලි එළවනවා. ඈත ඉඳන් බලපුවාම ඒක එක අතකින් අපි වගේ උදවියට අලුත් අත්දැකීමක්. හැම තැනම ලයිට් පත්තු කරලා වගේ චමත්කාරයකුත් තියෙනවා. වාසනාවට අලින්ගෙන් අපට කරදරයක් වුණේ නැහැ.
ඔබේ පෙර නාට්‍ය සම්මානවලට පාත්‍ර වුණා. මෙවරත් ඔබේ එහෙම යම් බලාපොරොත්තුවක් තිබෙනවාද සම්මාන සඳහා?
සම්මානවලට වඩා නාට්‍යය මිනිස්සු බැලුවොත් ඇති. සම්මාන ගන්න ඉලක්කයක් නැහැ. නමුත් මගෙත් එක්ක වැඩ කරපු පිරිස සම්මාන ගත්තොත් මට ඒක සතුටක් හැටියට අත් විඳින්න පුළුවන්.
ප්‍රසාද් සමරතුංග
සරසවිය