රමෝද් මාලක කියන්නේ නර්තනයෙන් ජනප්‍රියත්වයක් හිමිකර ගත්ත තරැණ නර්ථන ශිල්පියෙක්. රමෝද් ගේ නර්ථනය ෆෙස්බුක් හි විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබෙනවා ඒ වගේම Cool Steps Dance Studio නර්තන කණ්ඩායමේ පෙර ගමන්කරැ වෙන්නෙත් රමෝද් මේ 'මිරර් ආර්ට්ස්' රමෝද් සමඟ කළ කෙටි කතා බහක්.
රමෝද් මුලින්ම කියන්න ඔයාගේ විස්තර ටිකක්?
මගේ පවුලේ ඉන්නෙ අම්මා තාත්තා සහ අයියා. අයිය ළගදී කසාද බැන්දා.ඒ නිසා දැන් අක්ක කෙනෙකුත් ඉන්නවා. මගේ ජීවිතේම දැන් විනෝදෙන් ගතවෙනවා. ගප්පියා අයියා කියනව වගේ ෆුල් මාර්වලස්.
ඇයි ඩාන්සර් කෙනෙක් වෙන්න හිතුනේ?
නර්තන ශිල්පියෙක් වුනේ නොසිතූ විදියට. පොඩි කාලේ ආසාව තිබුනේ ක්‍රිකට් ක්‍රිඩකයෙක් වෙන්න. සාමාන්‍ය පෙළ විභායෙන් පස්සෙ නැටුම් කරන්න ආසා හිතිලා පන්තියකට ගියා.ඒකේ නම 'RnR Dance Studio' ඊට පස්සෙ ටිකෙන් ටික නැටුම් වලටම ටික ටික ඇදිල ගියා. පසුව තරඟ වලින් දිනද්දි ඒක තව තවත් වැඩි වුණා.
ගෙදරින් තියන සපොට් එක කොහොමද?
ගෙදර අම්මා අයියා මුල ඉදලම ගොඩක් උදව් කළා. මුලදී තාත්ට හොරෙන් වගේ තමයි ඩාන්සින් වලට ගියේ. දෙරණ තරගයට ගියෙත් තාත්තට හොරෙන්.
ඒත් දැන් තාත්තා ගොඩක් උධව් කරනවා වගේ මගේ වැඩවලට. එයා මගේ රසිකයෙක් කිව්වත් හරි. එයා මගේ දක්ෂතා දැකල ගොඩක් ආඩම්බර වෙනවා.
සාම්ප්‍රධායික රුකියවක් කරන්න යන්නේ නැතිව මේ වගේ තොරු ගැනීමක් සිදු කරපු ගැන මොකද හිතනේ?
ලංකාවේ දැන් තමයි ඩාන්සින් වලට තැනක් හැදීගෙන එන්නේ. ඩාන්සින් කියන්නේ මගේ විනෝදාංශය. ඒක මගේ රැකියාව උනත් ඒක මගේ විනෝදාංශය වගේ ආසාවෙන් කරන්නේ. මට ඒ වගේ දෙයකින් ඉස්සරහට එන්න පුළුවන් වීම ගැන ගොඩක් සතුටුයි.
සමාන්‍යයෙන් කියනවා ඔය නට නටා ඉදාල හරියන්නැහැ වෙන ස්ථිර දෙයක් හොයාගන්න කියලා ඒ කාරණවත් එක්ක අද රමෝද් ඉන්න තත්ත්වය
මුල්කාලේ නටනටා ඉදල හරියන්නෙ නෑ කියපු අය හිටියා. ඒ අයට පින්සිද්ධ වෙන්න මම තවත් උනන්දුවෙන් ධෛර්යමත්වෙලා වැඩ කරපු නිසා දැන් කවුරුහරි ඇහුවොත් ලංකාවෙ නට නටා ඉදල හරිගිය කෙනෙක් ඉන්නවද කියලා ඕන කෙනෙක්ට රමෝද්ව උදාහරණයකට දෙන්න පුළුවන්.
ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?
ප්‍රතිචාර ඉතාම හොදයි. එන්න එන්නම වැඩි වෙනවා .ගොඩක්ම සමාජ ජාල වලින් තමයි. ඒ ප්‍රතිචාර නිසාම තව තවත් අළුත් දේවල් කරන්න මහන්සි වෙනවා. මම පුළුවන් තරමින් හැම කෙටි පණිවිඩයකටම කමෙන්ට් එකකටම පිළිතුරු දෙනවා.ඒ හැමෝටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා ඒ දෙන උදව්වලට
අවසාන වශෙයන් කියන්න තියන දේ?
නැටුම් වලදී විතරක් නෙවෙයි ඕනම වැඩකදී තමත් දෙයක් තරනව නම් ඒක තමන්ගේ උපරිමයෙන් හරියටම කරන්න ඕන. භාගෙට කරන එකෙන් ඔයාලටමයි පාඩු. මහන්සිවෙන තරමට තමයි ප්‍රතිඵල ලැබෙන්නේ
මේ දවස් වල සිද්ධවෙන අලුත් වැඩ මොනවද?
2015 අලුත් දේවල් ගැන කියනව නම් ළගදී මම නර්තන නිර්මාණය කළ ක්‍රීම් සෝඩා රූපවාහිනී වෙළද දැන්වීම ආවා. ඒවගේම සංඛ දිනෙත්ගේ අලුත් සින්දුවේ නර්තන නිර්මාණය කළා. ඒවගේම ඉස්සරහට එන්න තියෙන උදය ශ්‍රී ගේ සින්දුව. ඒ ඔක්කොම අපේ කණ්ඩායමේ COOL STEPS කට්ටිය ඉන්නවා. එයාල මට ලොකු සහයෝගයක් දෙනවා. ඒ වගේම ක්ලාස් එකේ හැමෝමත් ඔක්කොටම උදව්කරලා ලොකු සහයෝගයක් දෙනවා.
ක්ලාස් එකෙන් කරන Cool Steps Revolution 3 කොන්සට් එක කරන්න දැන් ප්ලෑන් කරගෙන යනවා. තව අලුත් වැඩ කීපයක්ම සැලසුම් කරල පටන් අරන් තියෙනවා. ඒවා දැන්ම කිව්වොත් ගතියක් නෑ,ඒවා ළගදීම බලාපොරොත්තු වෙන්න.
-ෂාරා-