lan englan tam

C Chatඑක

හෙළයින්ගේ අධ්‍යාත්මික සැමරුම 24 වැනිදා!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2023 ඔක්තෝම්බර් මස 24 වෙනිදා දින සිදුකරන්නට නියමිත , මේ වනවිටත් සංවිධාන කටයුතු සිදුකරමින් පවතින "ශීත විතානෝත්සවය" නිමිතිකොට ගෙන, ඒ පිළිබඳව ගයාන් සදකැලුම් නොහොත් සහස්‍රමුඛ රාවණ සමග සිදුකළ කෙටි සම්මුඛ සාකච්ඡාව මෙසේ සටහන් කරමු.

 

ගයාන් සදකැලුම් නොහොත් සහස්‍රමුඛ රාවණ යනු, 2012 වසරේ සිට හෙළයේ රාවණ හඩ අවදිකරමින්, සැබෑ රාවණ ඉතිහාසය මහ පොළොවේ යළි ස්ථාපිත කිරීමට කැපවුණ, රාවණ ලේ උරුමය බවයි, විශ්වවාසී හෙළයන්ගෙ විශ්වාසය.

"දුසේරා උත්සවයක්" ගැන , "ශීත විතානෝත්සවයක්" ගැන කුසු කුසුවක් ඇසෙමින් පවතිනවා. ගයාන්, මුලින්ම අපට කියන්න මොකක්ද මේ දුසේරා උත්සවය කියන්නේ?

දුසේරා වචනය වැරදියි ඇත්තටම. නිවැරැදි වචනය වෙන්නෙ දසේරා . අපේ අය පාවිච්චි කරන්නෙ පොදුවේ දුසේරා නිසා විතරයි අපි දුසේරා කියන්‍න‍ෙ. නැත්නම් දුසේරා කියා උත්සවයක් නෑ. ඒකෙ නම දසේරා.

මහා රාවණයන්ට බියෙන් එතුමාව මැඩ පැවැත්වීම තමයි භාරතයෙ අරමුණ.

ඒ වගේ ම, ඔක්තෝබර් 24 සිදුකරන්නට නියමිත ශීත විතානෝත්සවය කියන්නෙ අලුතෙන්ම හදුන්වා දෙන හෙළයේ ප්‍රාණ මංගල්‍යයයි. 2023. 10. 24 වැනිදා එහි සමාරම්භය සනිටුහන් කරනවා. එය සිදු කෙරෙන්නෙ ඉන්දියාවෙ දසේරාවට සමගාමීවයි.

අත්තෙන්ම මෙය ඉතාම ගාම්භීර, ගැඹුරු අර්ථයක් තිබෙන භාරතය තුළ අනාදිමත් කාලයක සිට සිදු කෙරෙන සංස්කෘතික මංගල්‍යයක්. "දසේරා උත්සවය" මෙරට ඉතිහාසය විමර්ශනය කරගැන්මේ මහඟු අවස්ථාවක් බව ලාංකීය වැසියන් ශාස්ත්‍රීයව ගෙන නොතිබීම ඛේදවාචකයක්. එ ‍ ‍වෙනුවට ඔවුන් දසේරා උත්සවය පිළිබඳව ද්වේශයෙන් දකිනවා. මෙරට ජන සමාජයේ බහුතරය, රාවණ රජුත්, අනිකුත් වීරයිනුත් ගිනිතැබීම දැඩිව හෙළා දකිනවා.

ඇයි ඔබ දසේරා උළෙල ප්‍රතික්ෂේප නොකරන්නෙ ?
ඔව්, මම පෞද්ගලිකව දසේරා උළෙලට ප්‍රිය ‍වෙන්න හේතු කිහිපයක් තිබෙනවා. මේ රටේ උගතුන් යැයි සම්මත බහුතරයක් පවා රාවණ ඉතිහාසය පවා මිථ්‍යාවක් යැයි කියද්දී, වසර දහස් ගණනක් පුරාවට අසල්වැසියා විසින් සංස්කෘතිකාංගයක් හැටියට රාවණ ඉතිහාසය අද දක්වාම රැගෙන ඇවිත් තිබෙනවා. රාවණා ඉතිහාසය මිත්‍යාවක් කියන අයට ඒක හොඳ පිළිතුරක්. මේ සංස්කෘතිකාංගය මතුවටත් සුරක්ෂිත වීම ඉතා වැදගත්. ඒ වගේම ඊට සාපේක්ෂව, මේ රටේ දාර්ශනික කියවීමක් නැති අඩුව නිසා අපේ රටේ වෙදකම, යන්ත්‍රමන්ත්‍ර, නර්තන ,ගායන වාදන හටන් ශිල්පය තුළ පවා මූලිකයා ලෙස සලකන රාවණ රජු වෙනුවෙන් සාධාරණයක් සිදු වුණේ නැහැ. ඒ අඩුව හැඟීම්බර නොවී දාර්ශනිකව පිරවීම මගේ අපේක්ෂාවයි.

අනෙක් කරුණ තමයි, 2012 සිට මේ වන තෙක් මාධ්‍යයෙන් ඔවුන් දසේරාව කර රාවණ පිළිරු ගිනිබත් කරද්දී, මේ රටේ ඇති ගිනි සිසිල මන්ත්‍රවලින් ඒ අතරම සුවපත් කරමු කියන යෝජනාව ගෙනාවේ මම. දැන් ඒ කර්තව්‍යය සංස්කෘතිකාංගයක් හැටියට මහා සංස්කෘතියට එක් කරන්න කාලය එළඹිලා තියෙනවා. එය සිදුවිය යුතු වන්නේ දාර්ශනික පදනමක් මතයි. එකේ මූලාරම්භය තමයි ශීත විතානෝත්සවය (සිසිලසේ ආවරණය) කියන්නේ, සිසිලසින් ආවරණය කරන උත්සවය කියන අරුතින් තමයි ඒ නම යොදලා තියෙන්නෙ. අපි සිසිල් කරන්නේ කෘතිම ප්‍රතිමා නොවේ. ඔවුන් කෘතිමව ගිනිබත් කළත් අපේ සිසිල් කිරීම අධ්‍යාත්මිකයි. නමුත් මහජනයාට සම්මත නිර්මිතයක් අවශ්‍ය නිසා, අපි ආදේශකයක් විදිහට "ලෝකගෝලය" භාවිතා කරනවා.

මේ උතුම්වු සද්කාර්යය නැතිනැම් සිසිල් කිරීම සිදුකරන අකාරය කෙබදුද?
ඇත්තෙන් ම, සමස්ත විශ්වයම සිසිල් වේවා කියන ප්‍රාර්ථනයෙන් යුතුව තමයි ලෝක ගෝලය සිසිල් ජලයෙන් නැහැවීම, සංස්කෘතිකාංගයක් විදියට තමයි මෙතනදී අපි සිදු කරන්න‍ෙ. ලෝකය පුරාම ඉන්න ‍හෙළයින්ට මේ අවස්ථාවත් එක්ක තමන් ඉන්න තැන ඉඳන්ම සුදානම් වෙන්න සහ සහභාගි වෙන්න පුළුවන්.

එකතුවෙන හෙළයන්ට පවසන්න තියෙන්නෙ ආධ්‍යාත්මික හෙළ ශිෂ්ටාචාරයේ පුනරාගමනයට "හදවතින්" එකතු වෙන්න කියල. පිරිසුදු චේතනාවෙන්, මනස හිස් කරගෙන, නීල පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී සහභාගි ව‍ෙන්න.

මේ සඳහා සහභාගී වන්නට යම්කිසි සූදානමක් අවශ්‍යයි ද?
ඔව්, සහභාගී වන්නට කැමති අය කරන්න තියෙන්නේ, ආකෘතිමය ලෝක ගෝලයක් සහ සිසිල් ජලය සූදානම් කර ගැනීම විතරයි. අපි ගිනි සිසිල මන්ත්‍රය ඔවුන්ට ලබා දෙනවා. ශීත විතානෝත්සවය අභිමානයෙන් සැමරිය යුතු වන්නේ 2024 සිට. ඒ තමයි විශ්ව නියමය. 2024 ඔක්තෝබර් 12 වන දා තමයි ශීත විතානෙ‍ාත්සවය නිළ වශයෙන් මහා සංස්කෘතියක් හැටිය අරම්භ කිරීමට නියමිත. නමුත් ඒ වෙනුවෙන් සුවහසක් මහජනයා පෙළගැස්වීම සුළුපටු නැහැ. 2023 ඔක්තෝබර් 24 ට යෙදෙන දසේරා දිනයට සමගාමීව අපි ශීත විතානෝත්සවය පිළිබඳව මේ දැවැන්ත පණිවුඩය ජනගත කිරීම අරඹනවා. චක්‍ර FM හරහා මේ පිළිබඳව සියලු විස්තර දැනගත හැකියි. දැනටමත් ජාත්‍යන්තර වශයෙන් මේ වෙනුවෙන් ප්‍රසංසනීය ඇගයීම් රැසක් අපට ලැබෙමින් පවතිනවා.

මොකද, අපි දන්නවා ගින්දර කියන්නේ ද්වේෂය බව. අපි ශීත විතානෝත්සවයට මූලික කරගන්නේ "ජලය". ඒකෙන් නිවීම අර්ථවත් වෙනවා. අපි දසේරා උළෙල තුළ ගිනි තබන මේ රටේ ශ්‍රේෂ්ඨ වීරයින්ට වගේම ගිනි හී සර විදින සහ එයට අත්පොළසන් දෙන මිනිසුන්ට පවා මෛත්‍රි කරනවා. ඒ තමයි අපි හෙළයින් විදිහට ලෝකයට දෙන දාර්ශනික ආදර්ශය.

අපි සොබාදහම හොඳින් දන්න අය. හෙළයො කියන්නෙ ඒ අයට. අපේ මහා මංගල්‍යයේ සැමරුම ලෝක සත්ත්වයා වෙනුවෙන් මහපොළොවට ගේන්නෙ 2024 ඔක්. 12 . ඒ වෙනුවෙන් ජන මනස පෙළගැසීමේ සමාරම්භය තමයි මේ වසරේ ශීත විතානෝත්සවය. මේකිසිවක් නොදැන රැල්ලට මිනිස්සු ගෙන්වනවා වෙනුවට අපි ජන මනස නිවැරැදි ව පෙළගස්සවලා මිනිස්සු ගෙන්වද්දි සැබෑ හෙළ සැමරුමක් කියන්නෙ මොකද්ද කියලා කාටකාටත් බලාගන්න පුළුවන්.

ශීත විතානෝත්සවය මහ පොළොවට ගෙනෙන දැවැන්ත මෙහෙයුමේ ආරම්භය තමයි මේ වසරේ ඔක්තෝබර් 24 සිද්ධවෙන්නේ.

උත්සවයට එකතු‍ව‍ෙන්නට කැමැත්ත දක්වන හෙළයන්ට ඔබට මොනවාද තවත් කියන්නට තිබෙන්නෙ?
එකතුවෙන හෙළයන්ට කියන්න තියෙන්නෙ, ආධ්‍යාත්මික හෙළ ශිෂ්ටාචාරයේ පුනරාගමනයට "හදවතින්" එකතු වෙන්න කියල. පිරිසුදු චේතනාවෙන්, මනස හිස් කරගෙන, නීල පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී ‍ මේ සඳහා සහභාගි ‍ව‍ෙන්න.

ශීත විතානෝත්සවය එක රැයකින් සංදර්ශන පෙන්වලා අවසන් කරන මට්ටමේ බාල බොළඳ උළෙලක් නොවෙයි. මේ තනිකරම අධ්‍යාත්මික විප්ලවයක සැමරුමක්. දාර්ශනික ආදර්ශයක සමාරම්භයක්. මම සියලු දෙනාටම ආදරයෙන් ආරාධනා කරනවා අධ්‍යාත්මික හෙළ ශිෂ්ටාචාරයේ පුනරාගමනයට එක්වන්න කියලා.

මෙම අනගි අවස්ථාවට සහභාගි විය හැකි සහ ඉදිරියටත් සම්බන්ධවිය හැකි මාර්ග මොනවාද?
ඔව්, නවතම තොරතුරු සදහා චක්‍ර FM , Fb බලන්න. චක්‍ර FM අහන්න - Chakrafm.com ඒ වගේ ම, Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ YouTube channel එක බලන්න.

 

සාකච්ඡා සටහන - ම‍ෙලනි මාන‍ෙල් ‍‍පෙරෙරා

 

Back to top
Go to bottom

Popular News