දක්ෂ නිරූපණ ශිල්පියෙක් විදියට ජාත්‍යන්තරය ජය ගත් අනුජ් රණසිංහ මේ වන විට රංගන ශිල්පියෙක් බව ඔබ දන්නවා නේ, මේ දිනවල අනුජ් වැඩි කාලයක් යොදවලා තියෙන්නේ නම් සිනමාවටලු , මේ ඒ ගැන කල කතා බහක්.
මේ දවස් වල මොකද කරන්නේ
අග පිපි මල් චිත්‍රපටයේ වැඩ, ඒ වගේම මේ දිනවල හිරු මෙගා ස්ටාර් එකේ ඉන්නවා
කලාවට එන්නේ හීනයක් තිබ්බ ද ?
ඔව් ඇත්තටම හීනයක් කිව්වොත් හරි, හැබැයි නළුවෙක් කියන තැනට වඩා මගේ හීනය වෙලා තිබ්බේ මෝස්තර නිරූපණ ශිල්පියෙක් වෙන එක, අද වෙන විට මම ඒ හීනය ජයගෙන තියෙනවා
නිරූපණ ශිල්පියෙක් වීම රංගන ශිල්පියෙක් වෙන්න හේතුවක් වුණා නේද ?
අනිවාර්යෙන්ම , ඒක තමා ප්‍රධාන හේතුව
පවුලේ අය කලා ක්ෂේත්රයට සම්බන්ධයිද ?
නැහැ, කිසිම කෙනෙක් නැහැ, මම ම හොයාගෙන මම ම අඳුරේ අතපත ගාගෙන තනිව ආපු ගමනක් මේ
රංගනය ගැන හැදෑරීමක් කරලා තියෙනව ද ?
ඒ කාලේ නම් හැදෑරීමක් කරලා තිබුනේ නැහැ, නමුත් දැන් මම රංගනය කියන දේ පටන් ගත්තත් එක්කම රංගනය ගැන හැදෑරීමක් කරනවා,
ජයන්ත චන්ද්‍රසිරි මහතා , මහේන්ද්‍ර පෙරේරා මහතා , අනෝජා වීරසිංහ මහත්මිය යටතේ අපි මාසෙකට සැරයක් work shop වලට සහභාගී වෙනවා
ඔබේ මුල්ම රංගනය
පුංචි තිරය ගත්තොත් ස්වර්ණවාහිනියේ විකාශය වූ දිලුක ප්‍රසාද් අධ්‍යක්ෂණය කල සයුරි නාට්‍ය, සිනමාවෙන් නම් චන්ද්‍රන් රත්නම් මහතා අධ්‍යක්ෂණය කල මේ වගේ ආදරයක් චිත්‍රපටය
දැන් වැඩි ඉඩ කඩක් දෙන්නේ සිනමාවටද ?
ඇත්තටම ඔව්, දැන් මගේ ලොකුම හීනය සිනමාව තුල හොඳ නිර්මාණ සමඟ රැදෙන්න,
චරිතයක් භාර ගනිද්දී මුලිකව හිතන්නේ මොනවා ද ?
මුලින්ම නම් චරිතයේ ස්වභාවය, මම කැමති මට අභියෝගයක් වන ඇඟ කිලිපොලා යන චරිත කරන්න, ඒ තුලින් මම හිතනවා
මගේ රංගන ජීවිතයට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් කියල. ඒ දේ තමා මට ඉන් ලැබෙන ප්රතිලාභ විදියට මම දකින්නේ
එතකොට මුදල්
මුදල් වලට හිමිවෙන්නේ දෙවැනි තැන
අනුජ් කැමති ජනප්‍රිය කෙනෙක් වෙන්න ද දක්ෂ කෙනෙක් වෙන්නද
මම කැමති දක්ෂ කෙනෙක් වෙන්න , මොකද ඒ දක්ෂතා නිසාම නිරායාසයෙන් ජනප්‍රිය කෙනෙක් වෙන්න පුළුවන්,
ජනප්‍රියත්වය දකින්නේ කොහොමද
හ්ම්ම් .... හරියට අහස් කූරක් වගේ, ඉහළට යන්න ගත්තම ඉහළටම යනවා, නමුත් කවද හරි ඒ ජනප්‍රියත්වය නැති වෙන දවසක් එනවා අපි හැමෝම ඒ ගැනත් යටි හිත තුල මතක තියාගෙන ජීවත් වෙන්න ඕනේ, නිහතමානී කම , අම්මා තාත්තා සහෝදර සහෝදරියන් වගේම තමන්ට වචනයකින් හරි උදව් කල අයව කවදාවත් අමතක කරන්න හොඳ නැහැ, ජනප්‍රියත්වය කියන දේ තුලින් මම දකින්නේ සමාජයට යහපත් දෙයක් කරමින් ජනතා ප්‍රසාදය තියාගන්න ඕන කියන එක
ජනප්‍රිය කෙනෙක් වෙන්න මුලිකවම තියෙන්න ඕනේ කියල අනුජ් හිතන්නේ, වාසනා ගුණය ද දක්ෂතාව ද
එතැනදී මම හිතන්නේ වාසනා ගුණය මුල් වෙනවා කියාලා, මොකද දක්ෂ අය අතරිනුත් වාසනාව තියෙන අය තමා ජනප්‍රිය වෙලා ඉන්නේ, මොකද හැමෝටම කාලයක් තියෙනවා, ඒ කාලය තුල දී තමා Star කෙනෙක් වෙන්නේ
ආදරය ගැන මොකද හිතෙන්නේ
ආදරය අපි හැමෝම බලාපොරොත්තු වෙන සුන්දර දෙයක්, ජීවිතේ එක එක කාල වලදී අපි ආදරය අත්විඳිනවා, මගේ ජීවිතය ගත්තම නම් ආදරය කියන්නේ බලාපොරොත්තුවක්
දැන් ඔබ පෙම්වතෙක් ද
නැහැ, මේ කාලය මම සම්පුර්ණයෙන්ම යොදවලා තියෙන්නේ රංගනයට , මේ ගමන සාර්ථක කර ගත්තාට පස්සේ මමත් ආදරය ගැන විවාහය ගැන හිතනවා.
ආදරයේදී අනුජ් මුල් තැන දෙන්නේ
විශ්වාසය සහ අවබෝධය කියන දේට, ඒ වගේම මම කරන දේ තුල වටිනාකමක් දකින සහ මට මගේ ගමන යන්න ශක්තියක් වෙන කෙනෙක් ට
මේ වසර තුල සපුරා ගන්න තියෙන ප්‍රධාන ඉලක්කය
මමත් මගේ සමීප මිතුරෙකුත් දැන් කාලයක් තිස්සේ paln කරන යනවා Film එකක් කරන්න, ඒ තුල තියෙන්නේ මගේ ජීවිතයට ගොඩක් සමීප සත්‍ය කතාවක්, ඒ වගේම තමා පිටපත ලියන්නෙත් මමත් මගේ යාළුවත් එක්ක, ඉතින් කොහොම හරි 2017 මේ වසර තුල මේ Film එක කරලා නිම කරන එක තමා ප්‍රධාන ඉලක්කය
අනුජ් රණසිංහ