මේ දිනවල විකාශය වෙන ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ ඔබ දකින සෙව්වන්දි නදීශානි රංගන ක්ෂේත්රයට තවමත් නවකයෙකි. ඉදිරියේදී තවත් ටෙලි නිර්මාණ රැසකින්ම ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණීමට සූදානමින් සිටින සෙව්වන්දිට අපි 'මිරර් ආට්ස්'හි ඉඩක් වෙන් කළෙමු.
ටෙලි නිර්මාණ කිහිපයකින්ම අපි සෙව්වන්දිව දුටුවා?
ඔව් තුෂාරි අබේසේකර මහත්මියගේ 'චන්දෝලි' තමයි මම මුලින්ම රඟපෑවේ. ඊට පස්සේ 'සිදාදියේ සමනලියෝ' ටෙලි නාට්‍යයේ රඟපෑවා. එහි මා නිරූපණය කළේ සෙව්වන්දි කියන චරිතය. ඊට පස්සේ 'සිත නිදි නැහැ' ටෙලි නාට්‍යයේ හෂිගේ චරිතයට මම දායක වුණා. ඉදිරියේදී මා දායක වුණ කවීතා හා රොකී කියලා ටෙලි නාට්‍යය දෙකක් තව එන්න තියෙනවා.
සෙව්වන්දි ක්ෂේත්රයට එන්න රංගනය ගැන හදාරලා?
ඔව්, මුලින්ම සුදර්ශන බණ්ඩාර ගුරුතුමන් යටතේ රංගනය ගැන හැදැරුවා. පස්සේ තරංග දිසානායක හා රවීන්ද්‍ර විජේරත්න ගුරුවරුන් මෙහෙයවන දුරුතු සිනමා පාසලේ රංගනය ගැන හැදැරූවා. ඊට පස්සේ තමයි රංගනයට මම පිවිසියේ. කොපමණ හැදැරීම් කළත් රංගනය කියන දේ හදාරලා ඉවර කරන්න බැහැ. හැමදාම මේ ක්ෂේත්රය තුළ ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලයි මට හිතෙන්නේ.
පාසල් කාලයේ සෙව්වන්දි කලාව පැත්තට නැඹුරු වෙලා හිටියද?
ඔව්, රංගනයෙන් පමණක් නෙමෙයි ගායනයෙන්, වාදනයෙන්, නර්තනයෙන් මේ හැම අංශයකින්ම මම ඉදිරිපත් වුණා. විශේෂයෙන්ම පාසල නියෝජනය කරමින් කලා විෂයන් ඔස්සේ තරගවලට පවා ඉදිරිපත් වෙලා මම ජයග්‍රහණ ලබාගත්තා. කලාව මගේ ඇඟේ තිබුණ දෙයක්. ඒ හින්දා තමයි මම කලාව තෝරගෙන ඒ පිළිබඳව හදාරන්න පටන් ගත්තෙත්.
මේ ගමන එන්න සෙව්වන්දිට උදව් කළේ කවුද?
විශේෂයෙන්ම මතක් කරන්න ඕනා මගේ අම්මා, තාත්තා දෙන්නා වගේම අක්කා, අයියාවත්. ඒ අයගේ උදව් නැත්නම් අද කලා ක්ෂේත්රය තුළින් මේ තරම් දුරක් මට එන්න බැහැ. ඒ වගේම මට රංගනය ගැන උගන්වපු සුදර්ශන බණ්ඩාර, තරංග දිසානායක හා රවීන්ද්‍ර විජේරත්න ගුරුවරුන්ව. ඊට අමතරව මාව ටෙලි නාට්‍යවලට එකතු කරගත් සියලුම අධ්යක්ෂවරුන්ටත් මේ වෙලාවේ මගේ කතෘවේදිත්වය පිරිනමනවා.
සංවාදය : බුද්ධික සේනාධීර
ඡායා : රුසිරු කොළඹතන්ත්‍රිගේ