lan englan tam

C Chatඑක

අපි එක්ක ජීවත් වුණ උන් දන්නවා අපි වැරදි නෑ කියලා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'මතක පද' පසුගිය යූටියුබ් සංවාදයේදී එහි පූරක ගැමුණු වන්නිනායක විසින් වැඩසටහනට සහභාගි වූ ගායක අමල් පෙරේරාට මෙසේ පවසනු ලැබිණි.

"හෙළුවෙන් කතා කරන්න පුළුවන් ආටිස්ට්ලා දෙන්නයි මම දැකලා තියෙන්නේ. එකක් උඹ (අමල් පෙරේරා). අනිත් එක්කෙනා ඩබ්ලිව්. ජයසිරි."
ගැමුණු මෙසේ පැවසුවේ අමල් පෙරේරා සමග බොහෝ විවෘතව ඕනෑම දෙයක් කතා කිරීමට ඇති ඉඩකඩ පිළිබඳව පැහැදිලි කිරීමක් හැටියටය.
"මම මදුෂ් ගාවට ගියෙත් රනිල් ගාවට ගියෙත් සිංදු කියන්න...." එහිදී පවසන අමල් පෙරේරා සංවාදයේදී මෙසේද පවසයි.
මෙවර 'මතක පද' සංවාදයට එක් වූයේ ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන අමල් පෙරේරාය.
"දැන් අපේ මියුසික් ෆීල්ඩ් එකේ සුනිල් ශාන්ත, අමරදේව, මිල්ටන් මල්ලවාරච්චි, මිල්ටන් පෙරේරා, ශෙල්ටන් පෙරේරා, මොහිදීන් බෙග් කියන අයගෙ රසකතා අපි ළඟ තියෙනවනේ. එව්වා රසකතා වෙලා තියෙන්නේ සෝශල් මීඩියා නැති නිසා. දැන් අපි දෙන්නා මෙතනත් රසකතා කතා කරනවා. ඒකෙත් කිසි දෙයක් නැතුව ගෙවල් අස්සට වෙලා ඉන්න කීබෝඩ් එකෙන්, ඇඟිලි ටිකෙන් වීරයෝ වුණ උන් එක්ක අද දවසේ චරිත ඉතුරු වෙන්නේ නෑනේ. ඉස්සර කාලේ මිනිසුන් අපිට වඩා ආතල් ගත්ත අය. ඒ අයගේ කීර්ති නාමය ඉතුරු වුණේ සෝශල් මීඩියා නැති නිසා. නැත්නම් මුන් උන්ටත් ගහනවා. " අමල් පෙරරා පවසයි.

Back to top
Go to bottom

Popular News