lan englan tam

අතන මෙතන

"ජයන්ත අයියෙ මට ඔයා එක්ක පොඩි කතාවක් තියෙනවා දැන්" - ඩිල්ෂාන් පතිරත්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කරපු ‘දේවි කුසුමාසන’ චිත්‍රපටය තිර ගත වෙන්න තියෙන්නේ තව බොහොම ටික දවසයි.

ඉතින් මේ අතරතුරේදි, නීතීඥවරයෙක් වගේම කලාවත් සමග බොහොම සමීපව කටයුතු කරන කෙනෙක් වෙන ඩිල්ෂාන් පතිරත්න විසින් සිය මුහුණු පොතේ ජයන්ත චන්ද්‍රසිරි ගැන අපූරු සටහනක් තබලා තිබුණා.

පහතින් දක්වලා තියෙන්නේ එම සටහන. කියවලම බලන්නකො

(උපුටා ගැනීම) 

"අකාල සන්ධ්‍යා ටීවි එකේ යනකොට මම ඉස්කෝලෙ නමයෙ පන්තියෙ වගේ ඇති. ඒකාලෙ එහෙන් මෙහෙන් බැලුවට මම ඒක හරියට බැලුවෙ මේ මෑතක යූ ටියුබ් එකෙන්.

කාලතරණය ගැන එහෙම ටීවී සීරීස් අදටත් මහ ගොඩක් නෑ. 2020 Netflix එකේ dark series එක බලනකොට ආපු හැඟීම මීට අවුරුදු විසි පහකට එහාදි අපිට දෙන්න ජයන්ත චන්ද්‍රසිරි මොනවගේ මිනිහෙක් වෙන්න ඕනද?

යූ ටියුබ් එකෙන් අකාල සන්ධ්‍යා බලලා මම ජයන්ත අයියට කෝල් එකක් ගත්තා. රිංග්ස් දෙකක් යද්දි මම ආයෙ කෝල් එක කට් කලා. නිර්මාණයක් කරලා අවුරුදු විසිපහකට පස්සෙ ඒක මරු කිව්වම ජයන්ත අයියා බලයි මූ මොනව හරි ගහලද කියලා ,එහෙම හිතලා තමයි කෝල් එක කට් කළේ.

ජයන්ත අයියා වෙද හාමිනේ කරන කොට වයස අවුරුදු තිස් එකක කොල්ලෙක්.

අද මං ඉන්න වයසත් එක්ක බලද්දි ජයන්ත අයියා ඒ වෙනකොට දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා වගේ mind blowing ගේම් කීපයක්ම ගහලා.

ජයන්ත කියන්නෙ කාලයට සාපේක්ෂකව හැම මොහොතකම අපිට වඩා ඉස්සරහින් හිටපු පොරක්. සිනමාවෙත් අග්නිදාහය , ගරිල්ලා මාකටින්, සමනල සන්ධවනිය ජයන්ත කවුද කියලා අපට දණගස්සලා කියලා දෙනවා.

මට අනුව ජීවමාන පරම්පරාවේ පිටපත්කරණයේ සහ අධ්‍යක්ෂණයේ පොර ජයන්ත. පොරට අහුවෙන "තීම්ස්" අපට අහුවෙන්නෙ නැත්තේ අපිට ට්‍රැක් නිසාද, නැත්තං අපිට කිසිදවසක අහුනොවෙන ඒවා ජයන්ත අයියට අහුවෙන්නෙ පොරට ට්‍රැක් නිසාද කියලා මට තාම හිතා ගන්න බෑ.

කොහොම වුනත් ජයන්ත අයියගෙ වැඩක් එනවා කියන්නෙ මට නං වෙනම සැපක්.

මං ආසම පොර පොරගෙ නිර්මාණ වෙනුවෙන් පෙනී ඉන්න විදිහට. අපි ඒවා ගැන තැන් තැන් වල පුංචි පුංචි සංවාද ගොඩනගා ගෙනත් තියෙනවා.( මාත් මොනවා හරි කරන්නෙපැයි)

ඒ හැම සංවාදයක් අවසානයේම ජයන්ත අයියා , පොරගෙ නිර්මාණ ඇතුලෙ අපිට පොඩි ටොක්කක් අනිනවා.

ඒක නිකං " උඹ ඒක දන්නවා වුනාට ඒක එහෙමයි කියලා දැනගෙන හිටියෙ නෑ නේද " වගේ එකක්.

ජයන්ත චන්ද්‍රසිරි , ලයිකා ප්‍රඩක්ෂන් එක්ක එකතුවෙලා හදපු මහ විසාල නිර්මාණයක් වෙච්ච

" දේවි කුසුමාසන " මග එනවා. මුලින්ම බලපු සෙට් එකට නම දාගන්න මටත් පොඩි පිනක් තිබුණා.

ඔව්.මම දේවි කුසුමාසන බැලුවා.

ජයන්ත අයියෙ මට ඔයා එක්ක පොඩි කතාවක් තියෙනවා දැන්.. මට ඒකට වෙලාවක් ඕන..

එච්චරයි.."

(උපුටා ගැනීම අවසන්)

 

 

(සටහන උපුටා ගැනීම ඩිල්ෂාන් පතිරත්නගේ මුහුණු පොත ඇසුරිනි)

Back to top
Go to bottom