සෝමලතා සුබසිංහ ප්ලේ හවුස් කෝට්ටේ ඉදිරිපත් කරන වාර්ෂික ළමා නාට්‍ය උළෙල 2017 දෙසැම්බර් 8,9 සහ 10 යන දිනවලදී සවස 3.30 ට සහ 6.45ට පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.
ඒ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී ය.
සෝමලතා සුබසිංහ රචිත චන්දන අලුත්ගේ අධ්‍යක්ෂණය කළ “වලස් පවුල” දෙසැම්බර් 8 සහ 9 දිනවලදී ද සෝමලතා සුබසිංහ රචනා කොට අධ්‍යක්ෂණය කළ “රත්මලී” සහ “පුංචි අපට දැන් තේරෙයි” නාට්‍ය දෙසැම්බර් 10 වැනිදා ද ප්‍රදර්ශනය කෙරේ.
ජන කතා සහ සුරංගනා කතා කිහිපයක් පදනම් කොට ගෙන අර්ධ සංගීතමය නාට්‍ය ලෙස මෙම නාට්‍ය ත්‍රිත්වය නිෂ්පාදනය කර තිබීම විශේෂත්වයකි. එමෙන්ම දරුවන් හට අප සංස්කෘතියේ අභිමානය සහ එහි වටිනාකම් ද පවුලේ එකමුතුව සහ එහි වටිනාකම් ද වටහා ගත හැකි පරිදි සරල නාට්‍යමය ආකෘතියකට අනුව මෙම නාට්‍ය නිෂ්පාදනය කර ඇත.