“මලක මෙළෙක” සහ “සබඳ අපි අප වෙමු ද” දොරට වඩියි
ඇරැව්වල අනුර ගුණතිලක විසින් ලියූ “මලක මෙළෙක” සහ “සබඳ අපි අප වෙමු ද” කවි පොත් දෙක ජූනි 22 වැනිදා එළිදැක්වීමට නියමිත ය.
එළිදැක්වීමේ උත්සවය එදින සවස 2 ට කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවැත්වේ.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුසුමා ලංකාමුල්ල සහ නාට්‍යවේදිනි රත්නා ලාලනී ජයකොඩි එදින දෙසුම් පවත්වන අතර ගුවන් විදුලි සංස්ථා හිටපු ළමා හා කාන්තා වැඩසටහන් අධ්‍යක්ෂිකා සුමනා ජයතිලක උත්සවයේ මුලසුන හොබවනු ලැබේ.