බේකරිය කට්ටියගෙන් ළමා නාට්‍ය තුනක්
රාජ්‍ය ළමා නාට්‍ය උලෙළවලදී සම්මානයට පාත්‍ර වූ ළමා නාට්‍ය ත්‍රිත්වයක් මහල්වරාව බේකරිය අවකාශයේ දී රංගගත කිරීමට නියමිත ය.
ඒ එළඹෙන දෙසැම්බර් 7 වැනිදා සවස 6.30 ට ය.
2019 රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ හොඳම රංග වින්‍යාසය, හොඳම ආලෝකකරණය ඇතුළු සම්මානයෙන් පිදුම් ලැබූ සුරේෂ් මධුෂාන් පෙරේරාගේ “ඒක මැජික් තොප්පියක්”, 2017 රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ හොඳම පිටපත, හොඳම රංග වින්‍යාසය, හොඳම සංගීතය, හොඳම නිළිය ඇතුළු සම්මානයෙන් පිදුම් ලැබූ සමන් චන්දනගේ “පමා වෙයන් වළාවේ”, 2019 රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ හොඳම නිෂ්පාදනය, හොඳම පිටපත, හොඳම නළුවා, හොඳම නිළිය ඇතුළු සම්මානයෙන් පිදුම් ලැබූ විමුක්ති බදුගොඩගේ “මං මීයෙක් නෙවෙයි එදින වේදිකා ගත කරන නාට්‍ය වේ.