lan englan tam

අතන මෙතන

ප්‍රංශ සිනමා උළෙල 15 වැනිදා සිට 19 දක්වා (වීඩියෝ)

User Rating: 4 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Inactive
 

ප්‍රංශ සිනමා උළෙලක් ( Bonjour Cinema ) මෙම මස 15 වැනිදා සිට 19 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

 ඇජෙන්ඩා 14 සමඟ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රය ප්‍රංශ තානාපති කාර්යාලය, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය, වියට්නාම තානාපති කාර්යාලය සහ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය මෙය සංවිධානය කරනු ලබයි.

උලෙළේ චිත්‍රපට තිරගත වන පිළිවෙල මෙසේය.

16 වැනිදා සවස 3 ට ටවුන් ලෙස් චැට් සොන්ට් ග්‍රිස් (බෙල්ජියම්) සවස 6 ට ස්විට් ගර්ල් (ස්විස්ටර්ලන්ඩ්)

17 වැනිදා සවස 3 ට ලෙස් වැන්සනිස් ඩි අමොර් (ප්‍රංශ) සවස 6 ට යෙලෝ ෆ්ලවර් ඔන් ද ග්‍රීන් ග්‍රාස් (වියට්නාම්)

18 වැනිදා සවස 3. 00 ට මොයිස් ෆර්ම් (ප්‍රංශ) සවස 3 ට අපේයින් ජොවුර් ලෙස් යෙර් (ටියුනීසියා)

19 වැනදා සවස 3 ට ලා ෆ්‍රෙන්ජ් (ප්‍රංශ) එදින සවස 6 ට පෝස් (ස්විට්සර්ලන්ඩ්)

මෙයට සමගාමීව 19 වැනිදා උදෑසන 10.30 ට ස්විට් ගර්ල් (ස්විට්සර්ලන්ඩ්) 18 වැනිදා සවස 4 ට ලෙස් චැන්සතිස් ඩි අමොර් (ප්‍රංශ) සහ 19 වැනිදා සවස 2 ට යෙලෝ ෆ්ලවර් ඔන් ද ග්‍රීන් ග්‍රාස් (වියට්නාම්) යන සිනමාපට නුවර ක්වීන්ස් හෝටල් පරිශ්‍රයේදී තිරගත වේ.

ඡායාරූප - දෙනුවන් බණ්ඩාර

 

book

 

 

Back to top
Go to bottom

Popular News