lan englan tam

අතන මෙතන

ස්විට්සර්ලන්ත සම්මානයට 'නමස්කාර්, ධන්‍යවාද්'!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

බොලිවුඩයේ රජු ලෙස සලකන ජනප්‍රිය හින්දි නළු ෂාරුක් ඛාන් පසුගියදා (10) සහභාගි වූ Locarno සිනමා සම්මාන උළෙලේදී තමන්ට හිමි වූ සම්මානය ලබාගනිමින් සිය භාෂාව වන 'නමස්කාර්' (ආචාර වේවා) 'ධන්‍යවාද්' (ස්තුතියි) යන වදන් භාවිත කළ ආකාරය මේ වන විට බෙහෙවින් ඇගයීමට ලක් වී තිබේ.

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ප්‍රසිද්ධ සම්මාන උළෙලක් වන එහි ෂාරුක්ට හිමි සංචාරක සම්මානය භාර ගනිමින් එම සම්මානය නම් කර තිබූ Pardo alla Carriera Ascona-Locarno නම අසීරුවෙන් උච්චාරනය කිරීමට එය මෙහෙයවූ නිවේදිකාවගේ සහායද ලැබී තිබිණි.
77 Locarno සිනමා උළෙල වන මෙයට ෂාරුක්ගේ සහභාගීත්වය ස්විට්සර්ලන්තයේ ඔහුගේ රසිකයින් අතිශය ප්‍රීතියට පත් වූ සිදුවීමක්ද වී තිබිණි.

kemadasa

Back to top
Go to bottom