lan englan tam

අතන මෙතන

'ගඩ්ඩරිකා ප්‍රවාහය' වාක්ප්‍රයෝගයේ සුලමුල

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
මගේ ළබඳ එෆ් බී සුහදයන්ගේ
නුවන් දෝතට පිදෙන පුදකි මේ !
'හිතක මතක' මැය යටතේ 'බෞද්ධ මාක්ස්වාදියා' නමින් මා පළ කළ ආසන්නතම එෆ් බී ලේඛනයෙහිදී මවිසින් යොදන ලද 'ගඩ්ඩරිකා ප්රවාහය' යන වාක්ප්රයෝගයේ සුලමුල විමසූ මගේ ළබඳ එෆ් බී සුහදයන්ගේ නුවන් දෝතට පිදෙන ක්ෂුද්ර විවරණ පුදකි මේ.
'බැටළු' හෝ 'එළු' රැළ හෙවත් පෙළ යනු මෙම වාක්ප්රයෝගයේ වාච්යාර්ථයයි. සංස්කෘත භාෂාවෙන් බැටළුවා හෝ එළුචා හැඳින්වෙන්නේ 'ගඩ්ඩර' යන නමිනි. මෙම වාක්ප්රයෝගය ඉන්දියාවේ පැරණි සංස්කෘත ආලංකාරිකයන් විසින් නිපදවන ලද්දකි. 'ආලංකාරිකයන්' යනු පැරණි සංස්කෘත කාව්ය විචාරකයන් හඳුන්වන ප්රකට සංඥා නාමයයි. ඔවුන් විසින් ඉහත කී වාක්ප්රයෝගය නිපදවන ලද්දේ අනුකාරක කවියන් අවඥාවට ලක් කරන සුලු නින්දා පදයක් වශයෙනි. බැටළුවන්ගේ හෝ එළුචන්ගේ පුරුද්ද මුලින් යන එකා අනුව එකා පස්සේ එකා යෑමය. එසේ යද්දී කඳු ගැටයක් නගින විටෙක මුලින් යන එකා හදිසියේ පස්සට ඇද වැටුණහොත් ඌ පස්සේ එක පෙළට යන සෙස්සන්ද එක දිගට වැටීගෙන යෑම අරුමයක් නොවේ. එකම අච්චුවේ අනුකාරක කවියන්ට අවඥා පිණිස ආදි සංස්කෘත ආලංකාරිකයන් විසින් නිපදවන ලද මෙම පැරණි වාක්ප්රයෝගය අද වෙසෙන අනුකාරක කවියන්ට පමණක් නොව අන් සියලු අනුකාරක සාහිත්ය, සංගීත, කලා විහීනයන්ටත් එක සේ වලංගු චතුර ප්රායෝගික නිර්මාණයක් නොවේද?
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කරුණාරත්න අමරසිංහ
Back to top
Go to bottom

Popular News