lan englan tam

අතන මෙතන

මංජුලාගේ දුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් බබළවයිද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය නිළි මංජුලා තිළිණිගේ දියනිය ලිමන්සා තිලකරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් 19න් පහළ කණ්ඩායමේ සාමාජිකාවක ලෙස තේරී පත් වූවාය.

ලිමන්සා ජනප්‍රිය සහ දක්ෂ ක්‍රිකට් ප්‍රවීණයකු වන ටී.එම්. ඩිල්ශාන්ගේද දියනිය වේ. ඒ පිළිබඳව නිල ලෙස තහවුරු කරමින් ඩිල්ශාන් අද (16) ලිමන්සාට සුබ පතා සටහනක් නිකුත් කර තිබිණි.
ලිමන්සා ලාංකේය ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධ වන්නේ අලුතෙන් වන අතර මීට පෙර ඇය ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් හදාරමින් සිටියාය.
මේ පිළිබඳව අප්‍රසාදය පළ කරන පාර්ශ්වයක්ද සමාජයේ දකින්නට ලැබෙන අතර මෙහි සාධාරණත්වය බැලිය හැකි වන්නේ ඒ පිළිබඳව අදාළ පාර්ශ්ව තොරතුරු පැවසීම අනුව ය.

සාමාන්‍යයෙන් නිළියකගේ දියනියක් කලාවට යොමු වීම සිදු වුවත් නිළියකගේ දියනියක් ක්‍රිකට් ක්‍රීඩාවක ලෙස ජාතික සංචිතයට ඇතුළත් වීම පළමු වරට ලංකාවේ සනිටුහන් කරන්නේ ලිමන්සා ය.

Back to top
Go to bottom

Popular News