මට වාලම්පුරි බලද්දී දර්ශන් ධර්මරාජ් ව දැකලා අපට අහිමි වුනේ මොනතරම් දක්ෂ නළුවෙක්ද කියලා දුක හිතුනා.
රඟපෑම කට්ට කාලම ජීවිතයෙන් ඉගෙන ගත්ත නළුවෙක්. මේ පාරෙන් එන්න, ඉනියවන් වගේ නිර්මාණවලදී මට දර්ශන් කියන නළුවා තුළ ඉන්න මනුෂ්යයාව හමුවුණා.ඔහුත් එක්ක අපේ සිනමාවට තව ගොඩක් දුර යන්න තිබුනා.

කාල වර්ණ දේහයක් හිමි ඔහුටම අනන්ය වූ පිරිමි අලංකාරයක් සිරුරට උරුම කරගත්තේ පිටකොටුවේ මුට්ට කරගහලා.
තමන්ගේ සගයා සිනමාවේ ‘හීරෝ’ කෙනෙක් වෙලා ඉන්නවා දකින එක ඔවුන්ට මාර සතුටක්.

ඉනියවන් චිත්රපටයේ රඟපෑම වෙනුවෙන් හොඳම නළුවා ලෙස සම්මාන දිනපු වෙලාවේ ඔහුගේ අහිංසක ඇස් වල කඳුළු දිලසුනා මට තාම මතකයි.
වීමල් වීරවංශ නිවාස ඇමතිවෙලා ඉන්න කාලේ දර්ශන් ට පුංචි බොරැල්ලෙන් ගෙයක් දීල තියෙනවා.
කොළඹ ෂූටින් ආපු දවස්වල දර්ශන් ඉන්නෙ ඒ ගෙදර.
ඒ ගෙදරට ආව ගිය යාළුවෝ ඔහුට දුන්න සමහරක් තෑගි නොගෙන ඉන්න තිබ්බා.
දර්ශනගේ බිරිඳටයි දුවටයි ඒ ගෙදර ඉන්න අවස්ථාව ලැබුණා නම් ඔහුට ඒ අවාසනාවන්ත ඉරණම අත් නොවෙන්න තිබුනා.
කොහොම හරි දර්ශන් ඉරණම් ගමනක් යන්න ගියා. වාලම්පුරි ඒකෙ ස්වාමි වගේම.
ඔහු කැඩිච්ච සිංහලෙන් ‘නාවොත් යන්න බැරිය, නොගොස් එන්න බැරිය’ - “මේ පාරෙන් එන්න” ටෙලි නාට්යයේ සරච්චන්ද්ර උපුටනවා තාමත් ඇහෙනවා ඇහෙනවා වගේ.
උපුටා ගැනීම - (අශෝක හඳගමගේ මුහුණු පොත ඇසුරිනි)