lan englan tam

විශේෂාංග

ගූගල් වොයිස් ටයිපින් වලින් ප‍්‍රවේශම් වෙන්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගූගල් වොයිස් ටයිපින් බාවිතය අත්හදා බලමින් ඒ පිළිිබඳ මුහුනු පොතේ විවිධ සටහන් තබා ඇත. මේ වනවිට වඩාත් ජනප‍්‍රියම සටහන බවට පත්ව ඇත්තේ පහත සඳහන් සටහනයි. ගූගල් වොයිස් ටයිපින් ඔබ බාවිතා කරන්නේනම් පහත සඳහන් සටහන ඔබ අනිවාර්්‍යයෙන්ම කියවිය යුතුය. 

ඔබම එය කියවා බලන්න.

"Google Voice Typing භාවිතයට නොගැනීම ඉමහත් අපරාධයකි. එබැවින් මම අපගේ නිවසේ සිට ඉතා පහසුවෙන් මේ ලිපිය ලියන්නේ ඒ ඇසුරෙනි.

'හෙජමොනිය’, යනු පාලනයේ වැදගත් මානයක් ලෙස ග්‍රාම්ස්චිගේ අර්ථකථනය අප සාකච්ඡාවට බඳුන් කළ යුත්තේ .........

චූටි පුතේ ! අන්න බොම්බයිමොටයි ඇවිල්ලා !!!

කෑ ගහන්න එපා අම්මේ. මම මේ වැඩක්.

..... පාලනයට සුජාත බාවයක් ලැබෙන්නේ ‘කැමැත්ත’ තුළින් වන බැවිනි. මෙම කැමැත්ත නිර්මාණය කරනු ලබන්නේ දෘෂ්ටිවාදී උපකරණ මඟින් බව ග්‍රම්ස්චි ...

අන්න අර මනුස්සයා බෙල් එක ගගහ වැට ළඟ. ගන්නද රුපියල් සීයක විතර ?

ආහ් .. මොකෝ ඔරවන්නේ ? වරෙංකෝ ගෙනාවට පස්සේ " අම්මෙ මටත් .. අම්මෙ මටත්" කියාගෙන.ඒවා සුම්මා මා එක්ක ..

.......පවුල, අධ්‍යාපනික, ආගමික, ආයතන, ජනමාධ්‍ය වැනි ආයතන දෘෂ්ටිවාදී උපකරණයන් ය. මහා පරිමාණ වශයෙන් පාලිත පිරිස් දිනාගැනීම සහ සුළු පරිමාණයෙන් මර්දනය යොදා ගැනීම ස්ථිරසාර පාලක පංතියකගේ පාලන ක්‍රමය .....

ඔහිටු ! හොර බැළලි.... ..අද නම් උඹව මරන එක මරනවා

මොකද ඒයි මේ ?

......කිසිඳු රාජ්‍යයක් පාලනය කිරීම පරිපූර්ණ වශයෙන්ම මතවාදී දිනා ගැනීමක් තුළින් හෝ පරිපූර්ණ වශයෙන් මර්දනය යෙදීමෙන් හෝ කළ නොහැකිය.

අල්ලන්න ..අල්ලන්න. ඔන්න ඔතනින් දිව්වා .. සැමන් කුට්ටියම කටේ ... "

....විවිධ නිශ්චිත අවස්ථාවන්හි දේශපාලනමය තුලනයක් සඳහා දිනාගැනීම ...

අයියෝ මගෙ බෝගන්විලා පැළේ.. පාගන්න එපා මනුස්සයෝ .. "

..... මර්දනය මඟින් පාලිතයන් අවනත කර ගැනීමෙන් නොව, ඔවුන් සිය කැමැත්තෙන්ම පාලක පන්තියේ .....

අන්න නිමලතිස්සගේ හරකා වත්තට පැනලා. අපොයි දෙයියනේ කෙහෙල් පැළේ ...

......අසීමාන්තික මර්දනය මඟින් පෙන්නුම් කරන්නේ පාලක පන්තියේ ආධිපත්‍යය අර්බුදයට ලක්ව ඇති බවත්, ......

ජහ හරකා ! ජහ .. ජහ !!!

.....පාලිත කොටස් අතර පාලක පංතිය පිළිබඳ විශ්වාසභංගත්වයක්....

අන්න ඒයි ... ඌ චූටි පුතාගේ පිජාමා එක කෑවා..."

- සහන් කසීර වික්‍රමසිංහ -

Back to top
Go to bottom

Popular News