මෙවරGrammy සම්මාන උළෙල එළඹෙන 2017 වසරේ පෙබරවාරි 12 වැනිදා පැවැත්වීමට නියමිතය. මෙහිදී කරට කර තරඟවදින්නට නියමිත වී සිටින්නේ ඇඩෙලි හා බියොන්සේයි. සංගීත ක්ෂේත්රයේ සිටින 13,000 කට අධික පිරිසක් 21,000 කට අධික නිර්මාණයන් සංඛ්‍යාවක් Grammy සම්මාන උළෙලේදී ඉදිරිපත් කරනවා.
මේ වසරේ record of the year සම්මානය වෙනුවෙන් ඔවුන් දෙදෙනාම තරග කිරීමට නියමිතව සිටියි. 59 වන Grammy සම්මාන උළෙලේ නිර්දේශියත නාමයන් පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් 6) CBS This Morning වැඩසටහනට එක්වෙමින් 2016 වසරේ නවක කලා ශිල්පියාට හිමි සම්මානය හිමිකරගත් Meghan Trainor විසින් ප්‍රකාශයට පත්කෙරුණි.
ඇඩෙලි මෙන්ම බියොන්සේ ද මේ වසරේදී ඉදිරිපත් කළ සිය ආකර්ශණීය නිර්මාණ තුළින් සංගීත ක්ෂේත්රයේ නව මානයන් සොයායන්නට සමත්වුණා. ඒ විතරක් නොවෙයි ඔවුන්ගේ නිර්මාණ රාශියක් අලෙවි කෙරුණා.
ඇඩෙලිගේ ්hello ගීතය,බියොන්සේගේ ත්Formation ගීතයල ලූකස් ග්‍රැහැම්ගේ 7 yearsගීතය,රිහානා හා ඩ්‍රේක් ගයන Work ගීතය හා Twenty One Pilots කණ්ඩායමේStressed Out ගීතය මේ වසරේදී අතිශය ජනප්‍රිය වූ ගීතයන්ය.
වසරේ ගීතය වෙනුවෙන් තරඟ කරන්නේ බියොන්සේගේ"Formation" ඇඩෙලිගේ ්Hello, මයික් පොස්නර්ගේ "I Took a Pill in Ibiza", ජස්ටින් බීබර්ගේ "Love Yourself"හා ලූකස් ග්‍රැහැම්ගේ "7 years" ගීතයි.
වසරේ හොඳම ඇල්බමය ලෙස නිර්දේශිත නාමයන් අතරට එක්වී සිටින්නේ ඇඩෙලිගේ' 25' බියොන්සේගේ 'Lemonade' ඩ්රේක්ගේ'Views'ජස්ටින් බීබර්ගේ' Purpose'හා ස්ටර්ජිල් සිම්ප්සන්ස්ගේ 'A Sailor's Guide to Earth'ගීත ඇල්බමයන්ය.
බියොන්සේ සම්මාන 9ක් සඳහා නිර්දේශ වී ඇති අතර වැඩිම සම්මාන ගණනාවකට නිර්දේශ වී සිටින්නේ ද ඇයයි. කෙනී, ඩ්‍රේක් හා රිහානා ආදීන් සම්මාන 8 නිර්දේශ වී සිටියි.
මීට පෙර Grammy උළෙලේදී සම්මාන 20 ක් දිනාගැනීමට බියොන්සේ සමත් වූ අතර මෙවර සම්මාන වැඩි ප්‍රමාණයක් දිනාගැනීමට ඇය සමත් වුවහොත්වAlison Krauss අභිබවා යාමට ඇයට හැකිවනවා ඇත. මෙතෙක් Grammy සම්මාන උළෙලේදී වැඩිම සම්මානය ප්‍රමාණයක් හිමිකරගැනීමට සමත් වූ එකම කාන්තාවAlison Krauss වන අතර ඇය විසින් ලබාගත් සම්මාන සංඛ්‍යාව 27 කි.
Grammy උළෙලේදී සම්මාන වැඩිම ප්‍රමාණයක් සඳහා නිර්දේශිත වූ එකම කලාකාරිනිය බියොන්සේ වන අතර ඇය පසුගිය වසර කිහිපය පුරා සම්මාන 62 කට නිර්දේශ වූවාය.
Frank Ocean ට සම්මාන උදෙසා නිර්දේශ නොවුණහොත් තමාද Grammy උළෙලට සහභාගී නොවනු ඇති බව කෙනී වෙස්ට් පසුගියදා පැවසුවේය. කෙසේවුවත් Frank දිගුකලක් පුරා බලා සිටි ඔහුගේ ඇල්බමය වන Blondeමෙම උළෙලේ නිර්දේශිත නාමයන් අතරට එක්වනු ඇති බවට වූ අපේක්ෂාවෙන් සිටින්නේය.
Frank මේ පිළිබඳ ප්‍රශ්න කරමින් බිල්බෝර්ඩ් හි දැවැන්ත දැන්වීමක් ද පළකර ඇත. එහිදී ඔහු ප්‍රශ්නකර සිටින්නේ "ඇයි මම නැද්ද ?" යන්නයි.කෙසේවුවත් Frank හොඳම නවක කලාකරුවාට හිමි සම්මානය උදෙසා නිර්දේශ වී සිටියි.මේ සම්මානය වෙනුවෙන් Kelsea Ballerini, Anderson .Paak, Maren Morris හාThe Chainsmokers ද තරඟ කිරීමට නියමිතය.
කෙසේවුවත්, ඩේවිඩ් බෝවේගේ Blackstar ඇල්බමය ද හොඳම විකල්ප සංගීත ඇල්බමය වෙනුවෙන් නිර්දේශ වී තිබුණත් මෙවර සම්මාන උළෙලේ දී Recording Academyය විසින් සිය නීති වෙනස් කර ඇත.
එහිදී මේ වනවිට රසිකයින් පිරිස අදාළ ගීත නිරන්තරෙයන් සවන්දෙන ගීත හා මිලදීගන්නා ගීත විය යුතු බව දක්වා ඇත.
හොඳම නවක ශිල්පියා තරඟ අංශයේ ද යම් යම් වෙනස්කම් සිදුවී ඇතග එහිදී කලින් පැවති තරඟ කොන්දේසිය වූ ඇල්බමයක් කර තිබෙන ශිල්පියෙකු යන්න වෙනුවට අවම වශයෙන් ගීත පහක් වත් කර තිබෙන ශිල්පියෙකුට තරඟ වැදීමට අවස්ථාව ලබාදී ඇත. Grammy.com තුළින් මෙවර සම්මාන සඳහා නිර්දේශිත වූ ශිල්පීන් කවුරුන්දැයි යන්න දැනගත හැක.
CBS නාලිකාවේ James Corden විසින් ඉදිරිපත් කරන Late Late Show මෙවර සම්මාන උළෙලේ සත්කාරකත්වය දැරීමට නියමිත අතර එළඹෙන පෙබරවාරි 12 වනදා CBS නාලිකාව මගින් මෙය විකාශය කිරීමට නියමිතය.
වින්ද්‍යා ගම්ලත්