2018 වසරේ අවසන් සිනමා සම්මාන රාත්‍රිය පසුගියදාක අහවර විණි. මේ රටේ සිනමා සම්මාන ටෙලිවිෂන් වෙළදුන් අතට පත්වන්නේ අහඹුවකින් නොවේ. ඒවාට අතශය සැළසුමු සහගත හේතු සමුදායකි.
මේ ලිපිය ලියන්නේ ඒ වෙළඳ අවශයතාවයන් පිළිබඳ කෙටි විග්‍රහයක් කිරීමට මෙන්ම ජනතාවගේ ඩේටා ඉතිරි කර තබාගන්නයි යන ඉල්ලීමද කිරීමටය.
ජනප්‍රිය නිළිය හෝ නළුවා සම්මානය ලබාගැනීම අතීතයේ සිදුවූයේ පේ්රක්ෂක මනාපය මතය. අතීතයට වඩා වර්තමානය වනවිට මේ පේ්රක්ෂක මනාපය ලබාගැනීම වාණිජ කරණය වී තිබෙන බව නොරහසකි.මේ තත්ත්වය වඩාත් ව්‍යාකූල වූයේ ජංගම දුරකථන වෙළඳපොල සන්නිවේදන ක්ෂේත්රය ආක්‍රමණය කිරීමෙනි. ලංකාවේ ජනප්‍රියම නිළිය වන්නට නළුවා වන්නට ගායක ගායිකාව වන්නට බොහෝ අය කැමතිය.
සිනමාවේ මුල් යුගයේ ජනප්‍රිය නළුවා වන්නේ හෝ නිළිය වන්නේ පුවත්පත්වල පලවන කූපනය පුරවා එවූ විට ඒ කූපනය ගණන්කොට බලා ජනප්‍රිය කව්ද යන්නට තෝරා බේරා ගනී.70 දශකයේ ජනප්‍රිය සිනමාවේ ජනප්‍රිය තරුව වන්නට විජය මාලිනී සමත්වන අතර ස්වර්ණා මල්ලවආරච්චි ගීතා කුමාරසිංහ සබීතා පෙරේරා සංගීතා වීරරත්න යශෝදා විමලධර්ම සහ ඉන්පසු විවිධ අය ජනප්‍රිය කිරුළට හිමිකම් කීය.
නමුත් මේ සෑම අවස්ථාවකම ජනප්‍රිය කිරුළ සම්බන්ධව ඇති වූ විවිධ කතාබහ තුළ තිබුනේ මේ සැබැවින්ම ජනප්‍රිය අයද යන්නයි. 70 දශකයේ සිනමාවෙන් පසු 80 දශකයට පැමිණෙනවිට මෙම ප්‍රශ්ණය දැඩි ලෙස මෙරට සිනමා පේ්රක්ෂකයන් තුළ ඇතිවිය. මන්ද 77 විවෘත ආර්ථිකයෙන් පසු බොහෝ දේවල් වාණිජ්‍ය කරණයට ලක්වූ අතර සිනමාවේ ජනප්‍රිය නළු නිළි සම්මානය ලැබීම ජනතාවගේ කැමැත්තට එහා ගොස් නළු නිළියන්ගේ පෞද්ගලික අපේක්ෂාවන් බවට පත්විය.
මේ නිසා කූපන් පිරවීම සිනමා රසිකයින් අතරින් සියයට 40ක් පමණ වෙනවා යැයි උපකල්පනය කළහොත් ඉතිරි 60ම පිරිවෙන්නේ එම නළුවා හෝ නිළිය අතින් හෝ ඔහුගේ ඇයගේ අවශ්‍යතාවන් මත සමූහයක් විසිනි.
ටෙලිවිෂන් ආක්‍රමණයෙන් පසු සිනමාව තුළ පැවති මෙම ජනප්‍රිය නළු නිළි ෆැන්ටසිය ටෙලිවිෂනය වෙත හුවමාරු වනවිට සිනමාවේ ජනප්‍රිය තරුව වීම මෙන්ම ටෙලිවිෂන් සම්මාන උළෙලයන් හිද ජනප්‍රිය නිළිය හෝ නළුවා සම්මානය ලැබීම පෞද්ගලික අභිලාෂයන් බවට පත්විය.
තරගය සුළුපටු නොවන්නේ ජනප්‍රිය සම්මානය සමග ඔවුන් ට රංගනයට ලැබෙන අවස්ථාව පමණක් නොව ඇතිවන සිවිල් බලය තුළ ලබාගත හැකි වරප්‍රසාද බොහෝ වන බැවිනි.
ලංකාවේ ටෙලි විෂන් කර්මාන්තය ට පෞද්ගලික අංශයේ මැදිහත්වීමත් සමග ජනප්‍රිය තරු සංකල්පයට හොඳ ඉල්ලුමක් ඇති කරනු ලැබීය. මේ අනුව ටෙලි විෂන් චැනල් මගින් විකාශය වන ටෙලි නාට්‍ය වල රංගනයට දවසින් දවස විවිධා කාර අය රංගනයට එක්විය. එක් රැුයකින් ජනප්‍රිය වන්නට ඔවුන්ට හැකිවිය
ටෙලිවිෂන් සඳහා ද සම්මාන උළෙලවල් ආරම්භ වූ අතර එහිදී ජනප්‍රිය නළුවා හෝ නිළිය සම්මානය ලබාගැනීම උදෙසා බොහෝ අය විවිධ උපක්‍රම භාවිතා කරන්නට විය. බොහෝ විනිශ්චය මණ්ඩලවල සාමාජික සාමාජිකාවන් නම්මවාගන්නට විවිධ තෑගිබෝග පවා විශේෂයෙන් පිරිමි නළුවන් විසින් දී ඇති බව ප්‍රකට රහසකි.
මෙවන් වාතාවරණය් ඔස්සේ ජනතාව විසින් තෝරා ජනප්‍රියත්වයට පත්වන වාට වඩා තමාගේ වත් පොහොසත් කම් මත ජනප්‍රිය නළුවා වන්නට බොහෝ අයට හැකි වී ඇත. කව්රුන් හෝ මේ අදහසට විරුද්ධවන්නේනම් හෘද සාක්ෂියෙන් විමසා බලන්නයැයි ලියුම් කරු විසින් ඉල්ලා සිටිනු ලැබේ.
ජනප්‍රිය කිරුළ මේ තරම් මිළමුදලක් වියදම් කොට හෝ ලබාගන්නට උත්සාහ දරන්නේ තමන්ගේ වෘත්තීය ඉල්ලුම ඉහළ දමාගැනීමේ උවමනාවෙනි.
ලංකාවේ ටෙලිවිෂන් චැනල් ප්‍රමාණාත්මක වශයෙන් ඉහළ යනවිට 80 දශකයේ අගබාගය වනවිට මෙරට ජංගම දුරකථන ආයතන ප්‍රමාණයද ඉහළ ගියේය. මේ අනුව ටෙලිවිෂන් සම්මාන උළෙල සඳහා මෙන්ම සිනමා සම්මාන උළෙලයන් සඳහා ජංගම දුරකථන අපනයන කරුවන්ද සෘජුවම මැදිහත්විය.
ඉන් නොනැවුතුන සිනමා සම්මාන උළෙල සංවිධායකයෝ 90 දශකයේ ලංකාව පුරා අන්තර්ජාලය හරහා ව්‍යාප්ත වූ සමාජ වෙබ් අඩවිද මීට දායක කරගත්තේය. ෆේස්බුක් එහි මූගිත්වය ගනු ලැබීය. ජනප්‍රිය නළුවා ට හෝ නිළියට ජන්දය බාවිතා කිරීමට ෆේසුබුක් පේජයන්හි අවස්ථාව ලැබිණි.
ජංගම දුරකථන ජාලා හා සමාජ වෙබ් අඩවි තුළින් ජනප්‍රිය කිරුළ සම්මානය දැරීම පහසුවන්නට වූයේ තමන්ට හැකි පරිදි මේ සඳහා සිය පේ්රක්ෂකයින් හරහාත් අධික ලෙස ජංගම දුරකථන සිම් මිළදී ගැනීමත් තුළිනුත් තමාගේ ජනප්‍රියත්වය තමාටම ඉහළ දාගැනීමට ඉඩකඩ ලැබීම නිසාය.
මේ සියලු වෙළඳ ක්රමෝපායන් මගින් ඉහළට ඔසවා තැබෙන ජනප්‍රිය කිරුළ සැබැවින්ම දිනාගනු මේ රටේ ජනාදරයට පාත්රවන අයෙක්ද යන්න ඔබම සිතන්න.
සැබෑ ජනතා පරමාධිපත්‍යයෙන් ඉහළට ඔසවා තබන ජනප්‍රිය කිරුළ මේ රටේ සිනමා තාරකාවන්ට අහිමිවූයේ 80 දශකයේ විය හැකියි. මන්ද ජනතාව මේ වනවිට කූපන් පුරවා යැවීමට පෝස්කාර්ඩ් දැමීමට මෙන්ම තම ජංගම දුරකථනයෙන් එස්එම්එස් එකක් දැමීමට තරම් සිනමාවේ උන්මාදයක්වත් ටෙලිවිෂන් නැරඹීමේ උන්මාදයක් වත් නොමැති බැවිනි
මේ වනවිට ටෙලිවිෂන් පේ්රක්ෂකයෝ බහුතරයක් ටෙලිවිෂනය අතහැර යමින් සිටී.80 දශකය මැදබාගය වනතෙක් හුන් උන්මාදණීය සිනමා රසිකත්වයින් හෙබිි පේ්රක්ෂකයෝද මේ වනවිට අතරු දහන්ව සිනමා පේ්රක්ෂකයින් පමණක් යම් ප්‍රමාණයක් ඉතිරිව ඇත්තේය.
අද වනවිට ලංකාවේ සිනමා සම්මාන උළෙලයන් සංවිධානය කරන්නේ මෙරට ටෙලිවිෂන් ආයතන මගිනි.මේ ටෙලිවිෂන් ආයතන මෙරට මහාපරිමාන ව්‍යාපාරිකයින් විසින් මෙහෙයවන්නන් අතර මේ රූඵවාහිනී නාලිකා මේ රටේ ජනතාවගේ මනස ද ඔවුන්ගේ දේශපාලන ආර්ථික කාරනා වෙනුවෙන් ඉතා සූක්ෂම ආකාරයෙන් මෙහෙයවමින් සිටී.ඔවුන් විසින් පවත්වනු ලබන මෙම සිනමා සම්මාන උළෙලයන්හි ජනප්‍රිය සම්මාන වෙන් කරණුයේ ඔවුන්ගේ ම අවශ්‍යතාවය මතය. ඔබ බාවිතා කරන එක එස්එම්එස් පණිවිඩයකින් හෝ නොවේ. ඔබ ෆේස්බුක් තුළින් හෝ එස්එම්එස් එකක් මගින් ප්‍රකාශ කරන කැමැත්ත ඔවුන්ට වලංගු වන්නේ නැත.එම ටෙලිවිෂන් අයිති කරුවන්ගේ අභිමත පරිදි මෙම ජනප්‍රිය නළුවා හෝ නිළිය ට කිරුළ පළදවන්නේ ටෙලිවිෂන් අයිතිකරුවන් ඔවුන්ගේ වෙළඳ අනුග්රාහකයන්ගේ අවශ්‍ය තාව මත පමණය.
මේ යතාර්ථය ේම් රටේ සාමාන්‍ය ජනතාව තේරුම් ගන්නේ කවදාදැයි නොදනිමු. එහෙත් ටෙලිවිෂන් ඒකාධිකාරයට යටවී ඇති සිනමා උළෙලයන්හි ඛේද වාචකය වන්නේ මෙයයි. ජනප්‍රිය නලුවා හෝ නිළියි පමණක් නොවේ. බහුතරයක් අනෙත් සම්මාන පිදීමේදීද සිදුවන්නේ එයයි. එය ටෙලිවිෂන් ආයතනයන්හි සම්මාන උළෙල විමැසීමෙන් විග්‍රහා කිරීමෙන් ඔබට සොයා ගත හැකියැයි අපි විශ්වාස කරන්නෙමු.
ජනප්‍රිය කිරුළ යනු වෙළඳ සංස්කෘතියේ අවශ්‍යතාව මත ඉහළට ඔසවා තැබෙන්නක් මිස ඔබේ ඩේටාවළින් ඉහළට ඔසවා තැබෙන්නක් නොව. ඔබ ඔබේ ඩේටා ඉතිරි කරගන්න.
සාරා සමරසේකර
2018- නොවැම්බර්