ප්‍රියන්ත කොඩිප්පිලිගේ කවි වෙඩි වගේය. මොළය පසාරු කොට ගෙන යයි. නැතිනම් හදවත පසාරු කරයි.
මුහුනු පොතට ඔහු අද එක්කර තිබූ මේ කවි මාලාව අපූරුය. මිරර් ආර්ට්ස් කොඩීගේ කවි උපුටාගෙන පහත පළ කරන්නෙමු. මෙහි රසය ඔබත් විඳින්න.
Feeling happy birthday
••••••••••••••••••••••••••
හොරණෑ නලා කරගෙන ආපහු සද්ද
මැදමුලනට ඉතිං ඔහෙලා එන්නැද්ද
බොර කරගන්න භාතිය සන්තූෂ් හොද්ද
බන්දුල එන්න සමගින් දෙසමන් බැද්ද
යනවද මාලනී දියවන්නා පැත්තේ
ආපහු යනවනම් කිසි අවුලක් නැත්තේ
ලිස්ට් එක ඔයාලටමයි වෙන්කර ඇත්තේ
ඉදලත් පහක් මොනවද ඔබ කරගත්තේ
තිබුණෙම හැමදාම මිනිහට පුටු ප්‍රේමේ
බඩු හරි ඉතිං දැම්මම පුටුවට සෝමේ
පවුලේ නාලිකාවයි නම් එහි නාමේ
පවුලෙම රෙදි අපුල්ලල දීපං මාමේ
සිටිසන් ඩුවල් නැත දැන් සිංගල් වීලා
යන්නෙම නැතිලු ගීතා නම් මම දාලා
ඉන්නව නම් සහේලිල වගෙ තව දූලා
ගහලා මිරිස් කුඩු හරි ගන්නව නීලා
පබා ඔයා නම් නැතුවම බෑ ඔන්න
අබා හැදූ අයියගෙ පස්සෙන් එන්න
සභාවෙන් අමුතු අවසර නැත ගන්න
බබා අඬනවානම් කලියෙන් යන්න
බුදුන්ටත් රිලේෂන්ශිප් ගැට ලෑවේ
ජන මූලයෙන් මට නිතරම තඩිබෑවේ
ඇක්ෂන් කට් නැතත් ලෙසටම රඟපෑවේ
ජැක්සන් මොකෝ තාමත් සබයට නාවේ
ප්‍රියන්ත කොඩිප්පිලි