මේ අයියප්පනුම් කෝශියුම් Ayyappanum Koshiyumකියන මලයාලම් චිත්‍රපටියේ තේමා ගීතය. ගීතය ලියා ගායනා කරන්නේ ආදිවාසී කුලයකට අයිති නන්ජියම්මා.දෙමළ භාෂාව දන්නා කෙනෙකුට, මේ ගීතයේ වචන දෙමළ නෙවෙයි මලයාලම් වාගේ දැනෙයි.ඒක දුක්බර කතාවක්.
තමිල්නාඩු සහ කේරළ යන ප්‍රාන්ත වලට බටහිරින් පාලක්කාඩු දිස්ත්‍රික්කයේ සුන්දර දිය උල්පත් පිහිටි ගම්මානය අට්ටප්පාඩි ලෙස හැදින්වෙනවා.
නිදහස් ඉන්දියාව 1956 දී භාෂා අනුව ප්‍රාන්ත ලෙස වෙන්වුනා. පාලක්කඩු දිස්ත්‍රික්කය කේරළය සමග එකතු වුනා. මෙහි කඳු ප්‍රදේශවල ජීවත් වන දෙමළ ආදිවාසි කණ්ඩායමක් හිටියා. ඔවුන්ගේ මුල් භාෂාව වුයේ දෙමළ. පසුව කේරළයේ ජීවන රටාවට සහ සංස්කෘතියට අනුරූප වීමේ අවශ්‍යතාවය උදෙසා ඔවුන් ටිකෙන් ටික මලයාලම් භාෂාව වෙත හැරුනා.
පරම්පරාවන් අළුත් වෙන කොට බොහෝ දෙනෙක් මලයාලම් භාෂාවෙන් ලිවීමට සහ කියවීමටත් ඉගෙන ගත්තා. නමුත් ඔවුන් භාෂාව හසුරැවන විලාශය අහගෙන ඉන්න කෙනෙකුට ඒක දෙමළ භාෂාවෙන් බිඳී ආ උප භාෂාවක් ලෙසයි තේරැම් යන්නේ. අට්ටප්පාඩි ගමේ ආදිවාසී ගොත්‍රික ජනතාව තම මව් භාෂාව එතරම් ලේසියෙන් අත් හරින්නේ නැති බවට සාක්ෂි දරන්නේ එම කණ්ඩායමටම සුවිශේෂ ගැමි ගීත සංස්කෘතිය. මේ ගීතය ලියැවී තියෙන්නේ දෙමළ භාෂාවෙන්. ඉතා අවදානයෙන් අහන කොට එක තේරෙනවා.
මේ ගීතයේ වචනත්,තනුවත් දෙකම අයිති නන්ජියම්මා ට. ඇගේ කටහඬත් ඉතාම මිහිරියි.
.කරක්කාත්ත සඳන මෙරම් වෙගුවා..... පූතිරුක්කු, පූප්පරික්ක පොගිලාමෝ, විමා-නෙත පාක්කලමෝ.
එහි සරල තේරැම මෙහෙමයි.
පූර්වදිශාවේ සඳුන් ගහ දිහා බලන්න, ලස්සනට මල් පිපිලා... මල් කඩන්න ගිහින් පියාඹන අහස් යානා බලමුද.?
සින්දුව ගැන නන්ජියම්මා මෙහෙම කියනවා. 'ඉඳ හිට සඳුන් ගහ (සන්දන මරම්) උඩින් පියාසර කර නොපෙනී යන අහස් යාත්‍රාවක් පෙන්නලා ළමයින්ට බත් කටක් කවන්නට මම ලියපු වචන ටිකක් මේ. මේ තනුව අපේ මුතුන් මිත්තන්ට අයිති එකක්.
ඒක කියන කොට නන්ජියම්මාට දුකක් දැනෙනවා ඇති. ජීවතයේ අරගලයට මුහුණ දෙන්නට මුල් උගුලාගෙන වෙන තැනක පැල්පදියන් වෙලා භාෂාව මුල් කරගත් දේශපාලනය සහ සංස්කෘතික ආධිපත්‍යයට යටත් වී එම භාෂාව අත් හැරීමටත් එම භාෂාවට සිදුවන ස්වභාවික මරණයකට ශාක්ෂි දැරීමටත් වන ඉරණම ඉතා දුක්බර දෙයක්.
ඉන්දීය ජාතික චිත්‍රපට උළෙලේදී මේ ගීතය වෙනුවෙන් නන්ජියම්මාට හොඳම ගායිකාව සඳහා වන සම්මානය ලැබුණා.
සදීෂ් ක්රිෂණපිල්ලෙයි මුහුණුපොතට එක්කළ සටහනක්.