lan englan tam

විශේෂාංග

බැබලීමට ඕන ටෙලිනාට්‍ය, චිත්‍රපට නෙවෙයි - රඟපෑමේ දැනෙනකම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රංගනයකට 'ස්වභාවික' යැයි හැඳින්වීමක් දීම ඇතැම් විට සාධාරණ දෙයක් වන්නට නොපිළිවන. නමුත්, රඟපෑමක්දැයි වටහා නොගත හැකි පරිද්දෙන් චරිතයකට ආරූඪ වීමේ ප්‍රතිභාව පිහිටන්නේ ඉතා කලාතුරකිනි.

චාන්දනී සෙනෙවිරත්න ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියගේද මෙම ප්‍රතිභාව නොඅඩුව ඇත්තේ ඕනාම තරාතිරමක චරිතයකදී නිළියකට ඔබින ඇඳුම්, පැළඳුම්, ආයිත්තම් මෙන්ම අංග රචනාවෙන්ද ඇය බොහෝ විට ස්වභාවික බවක් පෙන්නුම් කරන නිසාය.
මෙවර 'මතක පද' යූටියුබ් සංවාදයට ගැමුණු වන්නිනායක සමග එක් වන්නේ ඇයයි.
සිය පෙර පාසල් සමයේ සිට සුන්දර මතක ගණනාවක් අවදි කරන ඇය සිය කලා ජීවිතයේ මෙන්ම පෞද්ගලික ජීවිතයේද තොරතුරු ගණනාවක් 'මතක පද' සමග හෙළි කළාය.
"පොදු සමාජයේ බැබළෙන්න ඕනේ ටෙලිනාට්‍යද, චිත්‍රපටද කියන්න හරි අමාරුයි. මම චිත්‍රපට කීපයයි කරලා තියෙන්නේ. ඉතින් මාත් ඉන්නවා නේද කියලත් හිතෙනවා. සිනමාවේ කරන දේ, ඒ චරිත, එහි දැනෙනකම, සිනමාවේ වුණත් රූපවාහිනියේ වුණත් දැනෙන්නේ නැත්නම් පවතින්නේ නෑ. වේදිකා නාට්‍ය එහෙම ගත්තොත් ඒවත් අහක දාන්න බෑනේ." යනුවෙන්ද ඇය සිය අදහස් ප්‍රකාශ කරන්නීය.

Back to top
Go to bottom

Popular News