තෙලිඟු, දෙමළ සිනමා නිර්මාණවලට වැඩි දායකත්වයක් දෙමින් ඉන්දීය සිනමාවේ ජනප්‍රිය මුහුණක් බවට පත් වූ කුසලතා පූර්ණ නිළි කීර්ති සුරේශ්ද මේ වසරේ යුග දිවියට එළඹීමට නියමිත බව වාර්තා වේ.
එළඹෙන දෙසැම්බර් 12 වැනිදා සිය පවුල්වල ආශිර්වාද ඇතිව ඇගේ දිගු කාලීන පෙම්වතා වන ඇන්ටනි තටිල් සමග කීර්ති විවාහ දිවියට එළඹීමට නියමිතය.
වසර 15කට ආසන්න කලක් දෙදෙනා පෙම්වතුන් ලෙස කල් ගත කර ඇති බවත් ඇන්ටනි කීරිතිගේ ගම් පෙදෙස වන කොචිහි පදිංචිකරුවකු වන බවත් ඉන්දීය මාධ්‍ය වාර්ට්ජා කර තිබේ.