වෛභාවි මර්චන්ට් කියන්නෙ ඉන්දියාවෙ බිහි වුන දක්ශතම නර්තන ශිල්පිණියක්.. වෛභාවිගෙ පළමු චිත්‍රපටය තමයි හම් දිල් දේ චුකේ සනම්.. ඒක අධ්‍යක්ෂණය කළේ සංජේ ලීලා බංසාලි..
බංසාලිගෙ මේ චිත්‍රපටයේ එන "ඩෝලී තාරෝ" ගීතයෙ නර්තන නිර්මාණය කළේ වෛභාවි .. ඒ ගීතය වෙනුවෙන් ඈට හොඳම නර්තන නිර්මාණයට හිමි ඉන්දියාණු ජාතික සම්මානය හිමිවෙනවා.. ඒ සරෝජ් ඛාන් ගේ නිඹුඩා ගිතය පවා පරදවමින්..
ඔය අස්සෙන් තව රහසක් තියෙනවා.. ඒ බංසාලි සහ වෛභාවි අතර ප්‍රේමයක් පටන් ගන්නවා.. හැබැයි වසර හතරකට පස්සෙ දෙන්නා වෙන් වෙනවා. ඒක බොහොම සුහද වෙන් වීමක් කියලයි කියන්නෙ...
හැබැයි ඊට කළින් 2001 වසරෙ දෙන්නා පවුලේ අයපමණක් සම්බන්ධ කරගෙන විවාහ ගිවිසගෙන තිබුනා...
ඒ කාලෙ තමයි බංසාලි දේව්දාස් කළේ. දේව්දාස් චිත්‍රපටයේත් එක් ගීතයක් වෙනුවෙන් ඈ නර්තනය සපයනවා.. ඒ තමයි "සිල් සිලායේ චාහත් කා" ගීතය..
ඊට පස්සෙ නම් සංජේ ගෙ ෆිල්ම් එකක වෛභාවි දකින්න ලැබෙන්නෙ නෑ.. හැබැයි කාලෙකට පස්සෙ බංසාලිගෙ සාවරියා රිලීස් එකට වෛභාවි එනවා.. ඒ ඔහුගේ මිතුරියක් විදිහට..
හොඳම දේ කියන්නෙ අදටත් මේ දෙන්නාම විවාහ වෙලා නම් නෑ..ඒ වගේම මේ සම්බන්ධය ගැන දෙන්නා වචනයක්වත් මාධ්‍ය ඉදිරියේ කතා කරන්නෙත් නෑ..
ඉතින් වෛභාවි ගැන කතා කරපු එකේ එයාගෙ මම කැමතිම නර්තන අංගයන් ටිකත් දාගෙන යන්නම්
1.) කජ්රාරේ (බන්ටී ඖර් බබ්ලී)
2.) ආජා නච්ලේ (ආජා නච්ලේ)
3.) ඩෝල් බාජේ (හම් දිල් දේ චුකේ සනම්)
4.) සිල්සිලා යේ චාහත් කා (දේව්දාස්)
5.) ධින්ඩෝරා බාජේ රේ (රොකී ඖර් රාණී)
6.) ක්රෙසී කියා රේ (ධූම් 2)
7.) ඔරෙ පියා (ආජා නච්ලේ)
සරෝජ් ඛාන්ගෙ ෆේවරිට් මාධුරී වුනා වගේ වෛභාවිගෙ ෆේවරිට් වෙන්නෙ නම් අයිශ්වරා රායි. දෙන්නාගෙ කොම්බො එක උඩ ලිස්ට් එක
චරිත් මොරගොඩ - භාරත රසික සිනමා සංසදය