මේ ලෝකයේ ගොඩක්ම ආදරයෙන් ඉන්නෙ අපි දෙන්නා කියපු උදාරි ගෙයි සංගීත් ගෙයි විවාහය මේ වෙද්දි දෙදරලා කියලයි ආරංචි වෙන්නේ. පුදුමාකාර විදියට ආදරෙන් හිටිය මේ ආදරවන්තයන්ගේ ආදරේට ඇත්තටම මොකද වුණේ..
උදාරි සංගීත්ව මැරි කළාත් එක්කම රංගනයෙන් නිවේදන කටයුතුවලින් ඉවත්වුණා. හේතුව මොක වුණත් ඇය කිව්වෙ අධ්‍යාපන කටයුතුවලට විදේශ ගතවෙන බවනෙ. කොහොම හරි දෙන්නත් එක්කම ඇමෙරිකා ගිහිල්ලත් ආවා.
කාලයත් එක්ක මේ දෙන්නා අතරෙත් පුංචි පුංචි විරසක ඇතිවෙන්න පටන් ගත්තා. ඒත් ඒ දේවල් සඟවගෙන හිටපු උදාරි මේ දවස්වල නම් ඒ ගැන කතා කරන්න අරගෙන. ඇයගෙ කතාවට අනුව සංගීත් ඇගේ සිත ගොඩක් රිදවලා. වරදක් නොකරපු ඇයව වරදකාරියක් කරන්න උත්සාහ කරලා. ඉතින් මේ හැමදේම එක්ක උදාරි ඉන්නෙ ලොකු දුකකින්. ඇය කියන විදියට ආදරේ කරපු හිතකින් මේ වගේ දෙයක් කරන්න පුළුවන් ද කියල හිතෙනවා. කොහොම වුණත් උදාරි ආයෙමත් වැඩ පටන් ගන්න සූදානම් වෙනවලු.
මේ වෙද්දි නාලිකා කීපයක්ම නිවේදන කටයුතු වලට කතාකරල තියෙනවලු. ඒ දේවල් එක්ක ජීවිතේ අලුතින් පටන් ගන්න හීන දකින උදාරි ළඟදි ම දවසක ව්‍යාපාරයක් පටන් ගන්නත් යනවලු. ඒ ඇගේම කියල සැලුන් එකක් පටන් ගන්න තිබුණු හීනය සැබෑ කරගන්න හිතාගෙනලු. ජීවිතේට ප්‍රශ්න ආවත් ආදරය චෝදනා කළත් ඇය වරදක් නොකළ නිසා මොනදේටත් මුහුණ දෙන්න හිත හදාගෙන ඉන්න උදාරි කියන්නෙ මේ යන විදියට දික්කසාදය වෙන තැනට වුණත් වැඩ කටයුතු සැලසෙන්න පුළුවන් කියලයි.