මගේ හෘදසක්ෂය මා රිදවූ දවසක් වැරදි වෙන්නෙ මිනිස්සු අතින්.වැරැද්ද වැරැද්දක් ලෙසින් පිළිගන්න සමහරු අකමැතියි. වැරැද්දක ස්වභාවය අනුව අපි විඳවන පසුතැවිලි වන ප්රමාණය සහ විදිහ වෙනස්.
අද මට මගෙ අතින් සිදුවුන අතපසුවීමක් නිසා එය වැරැද්දක් ලෙස මටම පිළිගන්න වෙනවා.ඒ අතපසුවීම මගේ හෘදසාක්ෂිය පෙළනවා. ශ්රීයානි අමරසේන මට මගේ රංගන ජීවිතය ගොඩ නගාගන්න ප්රථමයෙන්ම අවස්ථාව ලබාදුන් මා ඉතා ගරුකරන රංගන ශිල්පිණියක් සහ අධ්යක්ෂවරියක්.
අද ඇය ජාතික රූපවාහිනියේ නුගසෙවන වැඩ සටහනට සහභාගිවුනා. මටත් රූපවාහිනියෙන් ආරාධනා කළා ශ්රීයානි අක්කගෙ කතාබහ අතර තුර විශේෂ ආරාධිතයා හැටියට දායකවන්න කියලා. ශ්රීයානි අක්කා දන්නෙ නැහැ එයා වෙනුවෙන් මැදිරියට එන්න නියමිතව හිටියෙ මම බව.
මම වැඩ සටහනට කළින් දවසෙ එයා වෙනුවෙන් මල් කළඹක් පවා සූදානම් කරගත්තා ශ්රීයානි අක්කට දෙන්න වැඩ සටහනට සහභාගිවන වෙලාවෙ. නමුත් ඒ සජීවී වැඩ සටහනේදි ශ්රීයානි අක්කට මගේ ගෞරවය ආදරය ප්රකාශ කරන්න යන්න මට නොහැකිවුනා. ඒක ට හේතුව මගේ නොසැලකිල්ල නිසා මට නියමිත වෙලාවට අවදිවන්නට නොහැකිවීම.
මම එලාම් එක වදිනතුරු සිටියත් එලාම් එක නොවැදීම මාව ගැඹුරු නින්දක අතරමං කරලා. මම තිගැස්සිලා ඇහැ ඇරලා බලද්දි වෙලාව උදේ නමයයි. මේ තරම් අපහසුතාවට, කම්පනයට සහ මට මා ගැන ලැජ්ජාවක් ඇතිවූ මොහොතක් නැති තරම්. සජීවී වැඩ සටහනකට අදාල ආරාධිතයෙකු නෙපැමිණීමෙන් දුෂ්කරතාවට පත්වන නිෂ්පාදකවරු නිවේදක වරු.... මා අතින් සිදුවූ අතිවිශාල වැරැද්දක් ....හෘද සාක්ෂියට වද දෙන මේ හැගීම... මාවම පෙළනවා.
ආදරණීය ශ්රීයානි අක්කේ මට දහස්වාරයක් සමාවන්න... නුගසෙවන නිෂ්පාදකවරුන්ගෙන් සහ ජාතික රූපවාහිනියෙන් ද මා සමාව ඉල්ලන්න කැමතියි. අපි කාඅතිනුත් අතපසුවීම් වැරදි සිදුවෙනවා. ඒත් මෙවැනි දෙයක් ජීවිතේ මා අතින් සිදුවී නැහැ.වගකීම් පිළිබඳ අවබෝධයක් හැමවිටම මට තිබුනා. නමුත් මේ දවස 2018-06-22 මගේ ජීවිතයේ මා රිදවන දවසක් වුනා.හෘදසාක්ෂය පෙළන දවසක් වුනා. සමාවෙන්න... සමාවෙන්න.
සේමිණී ඉද්දමල්ගොඩ