ජයලලිතාට පණ දෙන්නේ කවුද?
තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිනි, නැසී ගිය ජයලලිතා ජයරාම්ගේ ජිවිත කතාව ඇසුරින් නිර්මාණය කිරීමට නියමිත සිනමාපටයේ ප්‍රධාන චරිතයට ජනප්‍රිය බොලිවුඩ් නිළි කන්ගනා රනාවුත් පණ පෙවීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
හින්දි සහ දමිල භාෂා ද්විත්වයෙන්ම නිම වන මෙම චිත්‍රපටය “තලයිවී” සහ “ජය” යන නම්වලින් නම් කෙරෙනු ඇති බවට යි සඳහන් වන්නේ. විජේ විසින් සිනමාපටය අධ්‍යක්ෂණය කරන අතර නිෂ්පාදනය විෂ්ණු ඉන්දුරි විසිනි.
එසේම සිනමාපටයේ නිළ නාමය “තලයිවී” වන බවත් සුප්‍රකට දමිල රංගන ශිල්පිනියක වන ජයලලිතා ජයරාම්ගේ ජිවිත කතාව සිනමාවට නැඟීම සඳහා සුවිශේෂී අවසරයක් ඇයගේ පවුලෙන් ලබාගත් බවත් අධ්යක්ෂ විජේ එරට මාධ්‍ය වෙත පවසා තිබෙනවා.