අතීතයේදී බොලිවුඩ් නළු අක්ෂේ කුමාර් සමඟ තමන් සමග පැවති ප්‍රේම සම්බන්ධය පිළිබඳව තම දරුවන්ගෙන් නොසඟවන බව බොලිවුඩයේ සුප්‍රකට නිළි රවීනා තන්ඩන් පවසයි.
තමන් ආක්ෂේ සමග විවාහ ගිවිසගෙන සිටි බවත් පසුව දෙදෙනා වෙන් වීම පිළිබඳව ඈ සාකච්ඡා කරන බව රවීනා පවසන්නීය.
රවීනා චිත්‍රපට බෙදාහරින්නෙකු වන අනිල් තඩානි සමඟ විවාහ වී මේ වන විට වැඩිහිටි දරුවන් දෙදෙනෙකුද සිටී. ඈ මෙසේ පවසා තිබුණේ ලෙහ් රාන් රෙට්රෝ සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදීය.
තමන්ගේ ජීවිතය දරුවන් සඳහා විවෘත කළ පොතක් බව රවීනා කියා සිටී.