බ්‍රිට්නි ස්පියර්ස් හිටපු සැමියා වන කෙවින් ෆෙඩර්ලයින් සමඟ ඇයට තිබූ බැඳීම ගැන හෙළි කරමින් කියා තිබුණේ 'මම ජීවත් වී තිබුණේ බුබුලක් තුළ' වන බවයි.
හිටපු සැමියා වන කෙවින් ෆෙඩර්ලයින්ට දරුවෙකු සිටින බවට කිසිදු අදහසක් තමන්ට නොතිබූ බව පවසන බ්‍රිට්නි ස්පියර්ස් යනු සංගීත ක්ෂේත්රයේ විශාලතම අයිකන අතරින් එකකි. සිය පළමු නිර්මාණයේ සිට ඉහළ රසික ප්‍රතිචාර ලෝකයෙන්ම ලද ගායිකාවකි.
2007දී වෙන් වීමට පෙර මෙම යුවළ වසර 4ක් එකට ජීවත් විය.
බ්රිට්නී විසින් පළ කරන ලද පොතට අනුව ඇය මුලින්ම කෙවින්ව දකින විට ඔහු ඔහුගේ එවකට පෙම්වතිය වූ ෂාර් ජැක්සන් සමඟ දරුවෙකු අපේක්ෂාවෙන් සිටි බව තමන් නොදැන සිටි බවයි.
"මම කිසිවක් නොදනිමි. මම ජීවත් වූයේ බුබුලක් තුළය. මට විශ්වාස කිරීමට සහ උපදෙස් ලබා ගැනීමට හොඳ, සමීප මිතුරන් බොහෝ දෙනෙක් සිටියේ නැත." යනුවෙන් ඇය සඳහන් කර තිබිණි.