lan englan tam

O Oපේ

අසේනි වාසලට පිහියෙන් අනී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

TAKE CARE පසුගිය සතියේ කථාංග දෙක නැරඹූ රසික රසිකාවියන් මේ වන විට දැඩි කුතුහලයට ලක් වී තිබෙන්නේ දිනෙන් දින එහි සිදු වන දේ අනුව ඉදිරිය වටහාගැනීම අසීරු වී ඇති නිසාය.

රසිකයින්ගේ ප්‍රතිචාර හේතුවෙන් නොබලන අය පවා පසුගිය කථාංග දෙක නැරඹීමට යොමු වී තිබූ අතර සෙනසුරාදා කථාංගය පැය 24ක් ගත වන විට යූටියුබ් ජාලයේ 'ට්‍රෙන්ඩින්' වීමට පටන්ගෙන තිබිණි.
කෙසේනමුත්, මෙහි වැඩියෙන්ම රසිකයින් පවසා තිබෙන්නේ අසේනිගේ චරිතය නිතර ඉවුම් පිහුම් කටයුතුවල නියැලෙන අතර ඇගේ අතේ පිහියක් දකින්නට ලැබීම හේතුවෙන් ඇය ඇගේ සැමියා වාසුලව පෙති ගසාවි යන්නය. නැතිනම් අසේනි වාසුල සහ මේනකාට පිහියෙන් අනීවි යන්නය.
මෙම කතාව TAKE CARE නාට්‍යයට සම්බන්ධ කිසිවෙකු ප්‍රකාශ නොකරන අතර TAKE CARE උන්මාදයට එක් වූ පිරිස අතර සිදු වන සංවාදයකි. සැබැවින්ම අසේනි වාසුලට පිහියෙන් අනීවිද? TAKE CARE නරඹා බලමු!

kemadasa

Back to top
Go to bottom