lan englan tam

O Oපේ

TAKE CARE දෙවැනි කොටසක්?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අනුෂ්ක රසාංජන සිල්වා අධ්‍යක්ෂණය කළ, සාරංග දිසාසේකරගේ කුළුඳුල් ටෙලි නාට්‍ය නිෂ්පාදනය වූ TAKE CARE ටෙලිනාට්‍යයේ දෙවැනි කොටසක් නිෂ්පාදනය වන්නේද යන්න මේ වන විට කතාබහට ලක් වෙමින් තිබේ.

ඒ පසුගියදා නාට්‍යයේ ප්‍රධාන චරිත වාසල සහ අසේනි ලෙස රඟපෑ සාරංග - රෙබෙකාගේ ඡායාරූපයක් සාරංග සිය ෆේස්බුක් ගිණුමේ පළ කිරීමත් සමගිනි.
"Take Care - Season 02 වාසල - අසේනි 'බැඳපු අලුත' කතාව ?" සඳහනත් සමග සාරංග එම ඡායාරූපය පළ කර තිබූ අතර ඒ සමග නාට්‍යයේ රසික ප්‍රජාව තවත් කොටසක් පැමිණේද යන කුතුහලය සහිතව පසු වන බව පෙනෙන්නට තිබේ. ඒ හේතුවෙන්ම දෙවැනි කොටසක් එපා යන පිරිසද එහිදී වැඩි වශයෙන් දකින්නට ලැබේ.
ඇතැමෙකු "මම නම් පෞද්ගලික ව කැමති නෑ සීසන් 2 එනවට. ඔයාලගෙ පලවෙනි කතාව හොඳටම හොදයි ඒ අවසානයත් හොදයි. ඒ නිර්මාණය එතනින් අවසන් වෙනවනම් ඒකට තිබ්බ ඇගයීම ප්‍රේක්ෂක ආදරය හැමදාටම ෂහ් ඒක නම් මරු කතාවක් 👌 කියන තැන දිගටම තියෙයි. ලංකාවෙ එක්කො හෑලි වගේ කතා අදිනවා. නැත්තන් හොදට සීසන් එක ගහල ආයෙ සීසන් එකක් ගේනව. ඔයාලට පුලුවන් නම් ලංකාවෙ ට්‍රෙන්ඩ් එකක් හදන්න එපිසෝඩ් 16/20 ලස්සන ස්ක්‍රිප්ට් එකකින් ඉවර වෙන ඩ්‍රාමා වලට ..." යනුවෙන් ඡායාරූපය සඳහා ප්‍රතිචාර ලෙස සඳහන් කර තිබිණි.

Back to top
Go to bottom

Popular News