lan englan tam

O Oපේ

දික්කසාදය ස්ථිරයිද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දියාවේ මෙතෙක් පහළ වූ ජනප්‍රියතම රූ රැජින ලෙස හැඳින්වෙන අයිශ්වර්යා සහ අභිෂේක්ගේ විවාහය අවසන් බවට නැවත වරක් ඉන්දීය පුවත් වාර්තා පළ කරන මොහොතක අභිෂේක් නිම්රිත් කෞර් නම් ඉන්දීය නිරූපිකාවක සහ රංගන ශිල්පිනියක සමග විවාහ ගිවිස ගැනීමට නියමිත බව පැවසේ.

අයිශ්වර්යා සහ අභිෂේක් මේ වන විට වෙන්ව පසු වන බව බොහෝ දෙනා දන්නා කරුණක් වන අතර අයිශ්වර්යා එසේ සිටින්නේ සිය මවගේ අසනීප තත්ත්වය හේතුවෙන් බවද පැවසේ.
කෙසේනමුත්, අයිශ්වර්යා සිය දියනිය සමගත් අභිෂේක් තනිවම හෝ බච්චන් පවුල සමගත් එක්ව විවිධ අවස්ථාවල දකින්නට ලැබීමෙන් ඔවුන් දෙදෙනා එක් නිවසක නොවසන බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි. නමුත්, මේ දෙදෙනා දියනියගේ පාසල් උත්සව අවස්ථාවල සෑම විටම එකට දකින්නට ලැබේ.
නිම්රිත් කෞර් සමග අභිෂේක් විවාහ ගිවිස ගැනීමට සැලසුම් කර ඇති බවට කිසිවෙකුත් තහවුරු නොකළ පුවත පළ වන්නේ මේ අතරය. "10th" චිත්‍රපටයේ නිම්රිත් සමග අභිෂේක් කටයුතු කිරීමත් මේ පිළිබඳව ඈඳා ගනිමින් දෙදෙනා විවාහ ගිවිස ගැනීමට අයිශ්වර්යාගෙන් අභිෂේක් දික්කසාද වූ පසුව නියමිත බවත් වැඩිදුර වාර්තා සඳහන් කරයි.
අහිෂේක් - අයිශ්වර්යා දික්කසාදය ස්ථිරයිද? අයිශ්වර්යා අභිශේක් සමග විවාහ වීමට පෙර ඔවුන්ගේ හඳහන් සහ ඔවුන්ගේ නක්ෂත්‍රකරුවන්ගේ උපදෙස් පරිදි ගසක් සමග පවා විවාහ වීමේ චාරිත්‍රයක් ඉටු කිරීමට කටයුතු කළේ ලෝක රූ රැජිනක ලෙස නොව අභිෂේක්ට දක්වන ලැදියාව හේතුවෙනි. කෙසේනමුත්, දෙදෙනාගේ ප්‍රේමය මේ වන විට වැඩිම කටකතාවලට හසු වන ප්‍රේමයක්ද වී ඇත.

Back to top
Go to bottom

Popular News