තමන් සන්තකයේ නැති දේ ගැන සිතමින් තැවෙන මිනිසුන් අතරේ තමන් සන්තකයේ ඇති දෙයින් ප්රයෝජනයක් ගන්නා මිනිසුන්ගේ ජිවිත හරි වර්ණවත්.
ඔවුන්ගේ ආත්ම ප්රකාශනය ඉතා ඉක්මනින් අන් අය වසඟයට ගන්නා සුළුයි.
පැරා ඔලිම්පික් පිහිනුම් ක්රීඩිකාවක්, කථිකාචාර්යවරියක් සහ හෙදියක් වන ජපන් ජාතික මනමි ඉටෝ කියන්නේ එවැනි තැනැත්තියක්.
ඇගේ වයලින් වාදනය මේ වනවිට ලොවක් වසඟයට ගැනීමට සමත් වෙලා.
එක් අතක් පමණක් හිමි ඇය තමන් සතු තනි අතින් මියුකි නකජිමාගේ “යාන්” නම් සංගීත ඛණ්ඩය වාදනය කරන වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලය පුරා සැරිසරනවා.
එම වීඩියෝව පහතින්,