ඉන්දීය ආණ්ඩුව විසින් ඔලුගෙඩි පැලූ විශ්වවිද්‍යාල සිසුන් අතරට ගිය තාරකාව “දීපිකා පදුකෝන්”
පසුගිය ජනවාරි 05 වැනි දිල්ලියේ ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර ගාස්තු වැඩිකිරීමට විරුද්ධ ගුරුවරුන් 50ක් සහ සිසුන් 200ක් සහභාගීත්වයෙන් රැස්වීමක් පවත්වා තිබිණි. රැස්වීම අතරතුර විශ්වවිද්‍යාල භූමියට කඩා වැදුණු වෙස් මුහුණු ලාගත් මැරයන් පිරිසක් රැස්වීමට සහභාගී වී සිටි සිසුන්,ආචාර්ය,මහාචාර්ය බේදයකින් තොරවම සියල්ලටම පහර දුන් හ. ඔවුහු පැමිණියේ පොලු, කලුගල් කැබලි හා යකඩ පොලු වලින් සන්නද්ධව ය. පිරිස අතර එක් කාන්තාවක් සිටි බව කියවේ. මහාචාර්ය Atul Soodට පැත්ත වැටෙන්න ගැසූ ඔවුහු ශිෂ්‍ය සංවිධානයේ සභාපතිනිය Aishe Ghoshගේ ඔලුව පැලෙන්න පහර දුන්නෝ ය. හතලිස් දෙනෙක් රෝහල් ගත කළ අතර ප්රචණ්ඩත්වයේ වීඩියෝව ඉක්මනින් වට්ස්ඇප් හරහා පැතිරී රූපවාහිනියෙන් විකාශය වූ විට ජනතාවගේ කම්පනය හා කෝපය ඇවිස්සුණි. මක්නිසා ද ජවරහාල් නේරු විශ්වවිද්‍යාලීය සිසුන් හැමවිටම වාමාංශික දේශපාලනයක නියුතු ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පාරට බසින පිරිසක් විය. නේරු විශ්වවිද්‍යාලීය
සිසුන්ට පහරදීමට එරෙහිව චන්දිගාර්, බැංගලෝර්, මුම්බායි සහ හයිද්‍රාබාද් යන නගරවල මෙන්ම අගනුවර දිල්ලියේ ද ජනතාව හා සිසුන් එක්ව ඊට තම විරෝධය පල කළ හ.
ඉන්දියාවේ කීර්තිමත් මිනිසුන් මේ සම්බන්ධයෙන් පැත්තක් නොගෙන උකටලීව බලා සිටි අතර බොලිවුඩයේ ප්‍රධාන තාරකාවන් ද වැදගත් කාරණා ගැන කතා කිරීමෙන් වැළකී සිටින මොහොතක ඉන්දිය ජනප්‍රිය සිනමා නිළියක වන දීපිකා පදුකෝන් විශ්වවිද්‍යාලීය දරුවන්ගේ සුව දුක් බැලීමට එහි ගියා ය.
සමාජ මාධ්‍යවල සමහරු ඒ ගැන කියා තිබුනේ දීපිකා පදුකෝන්ගේ Chhapaak තව දවස් දෙකකින් තිරගත වීමට නියමිත නිසා එය ප්‍රචාරණය කිරීමේ අරමුණින් ඇය විශ්වවිද්‍යාලයට ගිය බව යි.
එය සිය දේශපාලන අරමුණ උදෙසා භාවිතා කළ භාරතීය ජනතා පක්ෂයේ ප්‍රකාශක තාජින්දර් පල් සිං බග්ගා ඇගේ චිත්‍රපටය වර්ජනය කරන ලෙස ජනතාවගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේ ය. මේවා සියල්ල හිස් කතන්දර ය. දීපිකා පදුකෝන්ට සිය චිත්‍රපටිය ජනප්‍රිය කර ගන්න නම් තිබුනේ විශ්වවිද්‍යාල සිසුන් අතරට නොයා සිටීම ය. තමාට විරුද්ධවාදීන් පිරිසක් බිහි නොකර සිටීම ය. එසේ යාම තුල ඇය මෝදිගේ ආණ්ඩුවට හිතවත් ලක්ෂ සංඛ්‍යාත සිනමා ප්‍රේක්ෂකයන් පිරිසක් අහිමි කරගත්තා ය.
රසික, රසිකාවියන් අහිමි වීමේ එකී අවදානම තිබියදී දීපිකා පදුකෝන් ජේඑන්යූ වෙත පැමිණීම අනෙකුත් කීර්තිමත් පුද්ගලයින් සඳහා පූර්වාදර්ශය කි. බොලිවුඩ් ජනප්‍රිය තාරකාවන් කිසියම් ස්ථාවරයක් නොගැනීම සහ නිර්පාක්ෂික ලෙස රැඳී සිටීමේ මාර්ගයෙන් දීපිකා ඉවත් විය. දීපිකා පදුකෝන් සෑම විටම හරි දේ වෙනුවෙන් ස්ථාවරයක් ගෙන තිබේ. ඇය කොඳු ඇට පෙළ ශක්තිමත් නිළියකි, නිර්භය ගැහැනිය කි.
https://thelogicalindian.com/…/adidas-real-kashmir-unrealf…/
සටහන : උපාලි ජයසිංහ