lan englan tam

හේ, අරුණ. ඉක්බිති "සමයං" විය.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නෙලුම් මලෙන් ඉපදුනාද දන්නේ නැත ඉතිනේ

අරන් ඇවිත් හදා වඩා කවා පොවා නිතිනේ
සමාවෙන්න හැදූ මවුනි, දොසක් කියා නැතිනේ
අකුරු වලින් කොහොම ද මව් පෙකෙනි වැලක් බැඳුනේ

නොබැඳුනුකම් සොයාගත්ත නෑ මිතුරන් ඇවිදින්

කඩුල්ල ලඟ වග පල කියනා විට කැට මුගුරින්

කොහොම බලන් ඉන්නද මං ඉගැන්නුවද පොතකින්

එකතු වුණා ටිකෙන් ටිකම සර්ප විෂම වැඩියෙන්

අරන් ගිහින් සැමිටි තලා පක්ෂපාත විරුවන්

යතුරු ලලා සිර කෙරුවා නොකළ දේම කියමින්

ඉතින් කෝම ඉවසන්නේ හරි වැරැද්ද රකිමින්

ලෙයට ලෙයක් හිසට හිසක් නීතිය වූ රටකින්

අඟුල්මල් වෙසින් සියයක් ඇඟිළි අරන් එන්නයි

පිච්චමල් කුමට පිදුමට කඩු ද කිණිසි ගන්නයි

අවි ගත්තෝ අතින් ගිලිහි ජීවිතයම බින්නයි

මරුවැල් බැඳි මං පෙත් වල නොවැටී මම උන්නයි

වාහල්කඩ දොර විවරව අරන් ඇවිත් මයිල දුරට

නිරායුධව දම්වැල් බැඳ සිටිනා විට ඇවිත් ලඟට 

එවා මුරුගසං ඊයම් වැහි, කොටුකළ කවුළු දොරට

මරාපියා විසඳිය හැක කෙටි කලකට ගැටළු යසට

මවක් නොමැති පුතෙක් කුමට ඉපදුනාද නොදනිම්මා

පියාඹලා ළය සිපගත් ඊයම් ගුලි නැත නිම්මා

ගලාගියා රුධිරය කිරි ලෙස නොහැරී තනියෙම්මා

එතනමඬල* හැඬුවත් රන් කිරි එරුණේ නැත අම්මා

© කපිල එම්. ගමගේ

*සමයං ඝාතනය කළ ස්ථානය

 

Back to top
Go to bottom

Joomla! Debug Console

Session

Profile Information

Memory Usage

Database Queries