lan englan tam

සමාජ වෙනසක් දකින්නට පෙර සේනකගේ වෙන්වීම දුකක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සේනක බටගොඩ සංගීත ශිල්පියා සමාජය වෙනස් කිරීමට සිය කලා නිර්මාණ කෙරෙන් අපේක්ෂා කළ බවත් ඔහු පැතූ සමාජ වෙනසක් දකින්නට පෙර සැමගෙන් නික්ම යාම අතිශය වේදනාවක් බවත් ගායන ශිල්පී සංගීත් විජේසූරිය පැවසීය.

සේනකගේ අවසන් කටයුතු සඳහා සහභාගි වූ සංගීත් මේ බව පැවසූ අතර ඔහු ඉතා අව්‍යාජ මිනිසෙකු වූ බවද පැවසීය.

බවත් ජීවිතය තණග පිනි බිඳක් වන අතර තමන්ගේ ජීවිතය පවා කතා කරන මොහොතේදී හෝ විශ්වාස නොවන බවත් ඔහු එහිදී පැවසීය.
සංගීතඥ නවරත්න ගමගේ සහ ඕස්ට්‍රේලියාවේ සිට ආ සිනමා අධ්‍යක්ෂ සිසිල් ගුණසේකරද සේනක අගයමින් එහිදී අදහස් දැක්වීය.

Back to top
Go to bottom