lan englan tam

රශ්මිකා National Crush භූමිකාවෙන් ඉවතට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දියාව යනු සයිබර් අපරාධ හේතුවෙන් කාන්තාවන් බෙහෙවින් අවපීඩනයට ලක් වන රටක් වන අතර ඉන්දියාවේ National Crush නමින් හැඳින්වූ රශ්මිකා මන්දනා මෑතකදී Deep Fake තාක්ෂණය හේතුවෙන් ඉන්දියාවේ එම තත්ත්වයට මුහුණ දුන් ජනප්‍රිය පුද්ගලයන් අතර ඉහළින් සිටින්නීය.

රශ්මිකාගේ මුහුණ ඇය පෙනී නොසිටි ආකාරයේ කාන්තා සිරුරකට බද්ධ කළ ඡායාරූප සමග වීඩියෝ කිහිපයක් ආසන්නතම දිනවල ප්‍රසිද්ධ කිරීමෙන් ඇයද මෙම පොදුවේ කාන්තාවන්ට වන අපහසුතාවයට දැඩිව මුහුණ දුන්නාය.
මෙම තත්ත්වය උඩ මන්දනාට බෙහෙවින් සමාජීය රැකවරණය සහ පිළිසරණ ලැබුණද සයිබර් අපරාධ හේතුවෙන් ඉන්දියාවේ අවපීඩනයට ලක් වී සියදිවි හානි කරගැනීමට පවා කටයුතු කරන කාන්තා පාර්ශ්වය දෛනිකව ඉහළ අගයක් ගනිමින් වාර්තා වෙමින් තිබේ.
එවන් වටපිටාවක ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය රශ්මිකා සම්බන්ධ කරගනිමින් අලුත් ක්‍රියාවලියක් ආරම්භ කර තිබේ. ඒ රශ්මිකා එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සයිබර් ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ තානාපතිනිය ලෙස නම් කිරීමත් ඒ සමගින් ඇගෙන් ඒ සඳහා සක්‍රීය දායකත්වයක් ලබා ගැනීමට ඉඩ සැලසීමත් සමගිනි.
ඉන්දියාවේ සයිබර් අපරාධ මැඩලීම සඳහා මෙතෙක් නොගත් පියවර කෙරෙන් මෙය ඉන්දීය රජය ගත් ඉතා වටිනා තීරණයක් බවට ප්‍රශංසා ලැබෙමින් තිබෙන අතර රශ්මිකාගේ මෙම සක්‍රීය දායකත්වය ඉන්දියාවේ සයිබර් අපරාධවලින් බැට කන කාන්තාවන්ට අලුත් බලාපොරොත්තුවක් වනු ඇත.