පොළොන්නරුව නගරය සංචාරක නගරයක් ලෙස ප්‍රචලිත කිරීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (03) පවත්වා තිබේ.
පොළොන්නරුව දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය මේ බව දැනුම් දුන් අතර සාකච්ඡාවේදී පොළොන්නරුවට පැමිණෙන විදේශීය සංචාරකයින් පොළොන්නරුව කේන්ද්‍ර කරගනිමින් නවාතැන් නොගැනීම පිළිබඳව අවධානය යොමු කර තිබේ.
ඒ අනුව ඒ සඳහා හේතු, අවධානය යොමු කළ යුතු කාරණා පිළිබඳවද සාකච්ඡා කර ඇත.
සංචාරක කර්මාන්තයේ ප්රතිලාභ ජනතාවට අත් නොවීම සහ එම ප්රතිලාභ ජනතාව අතරට බෙදී යෑමේ වැඩපිළිවෙළ සකස් කිරීමටත් පොළොන්නරුවට පැමිණෙන සංචාරකයින්ගේ වර්ධනය වැඩි කරගැනීමටත් එහිදී සාකච්ඡා කර ඇත.
මෙම අවස්ථාවට නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් සහ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ ආයෝජන ආයතනයක විධායක නිලධාරියකු වන මෙයිතන්ස් මේස් ඇතුළු පිරිසක්ද එක් වූ බව පොළොන්නරුව දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පවසයි.