සිතල නුවරඑළියේ පිහිටි මෙම අතිශය සුන්දර භුමි ප්‍රදේශය ජෛව විද්‍යාත්මක වටිනාකම අතින් මෙන්ම පුරා විද්‍යාත්මක වටිනාකම අතින් ද ලොව සුවිශේෂී ස්ථානයක් අත්කරගත්තකි.
පරිසර පද්ධති කිහිපයක් එකම ස්ථානයක දක්නට ලැබෙන හෝටන් තැන්න අතීතයේ දී නම් දරා ඇත්තේ මහා එළිය ලෙසිනි.
ඉමක් කොනක් නෙත නොගැටෙන මෙම ජාතික වනෝද්‍යානය මෙරට පිහිටි උස්ම තැනිතලා භුමිය ලෙස ද සැලකේ. එය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර 1200-2300 පමණ උසකිනි.
නුවරඑළියේ සිට මීපිලිමාන, අඹේවෙල, පට්ටිපොල හරහා කිලෝමීටර් 32ක් පමණ ගිය පසු හොර්ටන් තැන්න ජාතික උද්‍යානයට ළඟා විය හැකිය. දුම්රියෙන් පැමිණෙනවා නම් බදුලු දුම්රියේ පැමිණ ඔහිය හෝ පට්ටිපොළ දුම්රිය ස්ථානයන් වෙත පැමිණ මහා එළියට ළඟා විය හැකිය.
{gallery}horton plains hd{/gallery}
ඡායාරූප: රාජිත සපුමල් බණ්ඩාර