ඌව වෙල්ලස්සේ ජනතාවගේ ජීවිතය නගා සිටුවීමට මෙන්ම ඔවුන්ගේ යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටියදී 1987 නොවැම්බර් මස 10 වැනිදා සවස කුරිරු වෙඩි උණ්ඩයකින් අවසන් ගමන ගිය මයිකල් රොද්‍රිගෝ පියනමගේ ජීවිත පූජාව හැඳින්වෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත පූජාවට බද්ධ වූ පියතුමකු බවට හැඳින්වේ.
එතුමන් පිළිබඳව ශ්‍රේෂ්ඨ ජනතාවාදී කවියකු ලෙස ජනප්‍රිය දඹේගොඩ ජිනදාසයන් විසින් පළ කරන ලද කෘතියක කාව්‍යයක් පහතින් පළ කෙරේ.
වරද ඔබ
ලෝකයට ගමට සහ
ගැමියාට ඇළුම් කළ නිසාය
ඔබ ඔබට
ආදරය කළා නම්
අදත්
සුබ සෙත් ගෙදර පියාය