මරණයට හේතුව ගෞතම්ගේ බලපෑමක් බව නෆීසාගේ මවුපියෝ මරණ පරීක්ෂණයේදී කියා සිටියහ. විවාහ ගිවිස ගැනීම සිදුව තිබුණේ පළමු විවාහයෙන් ඔහු නිත්‍යානුකූලව වෙන් වුණු බව නෆීසාට පවසා තිබූ බැවිනි. එසේ වුවත් ඔහු, දික්කසාදය ලබාගෙන නැති බව නෆීසා දින කිහිපයක් තුළදී අවබෝධ කරගෙන ඇත. මේ නිසා හටගත් ආරවුල්වලදී ගෞතම්ගේ තර්ජනවලට මුහුණ දෙන්නට නෆීසාට සිදුවුණු බව අනාවරණය විණ. එහෙත්, මේ කාරණය අධිකරණයේදී ඔප්පු කරන්නට ඇගේ මවුපයන් අපොහොසත් විය. මේ අතර ගෞතම් කියා සිටියේ ,නෆීසා සමීර් මැල්හොත්රා සහ සමිර් සෝනි සමඟ ද විවාහ ගිවිස ගැනීම්වලට එල්බ, ඒවා ඉක්මනින්ම නිමා කළ බවකි.
ටාශි සෙනෙවිරත්න - Indian Cinema Fans Club