lan englan tam

පුවත්

දසත පැතිරුණ සරත් ස්වරය; සරත් දසනායක

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිංහල සිනමාවේ ගීතාවලියට මහගු මෙහෙයක් කල සරත් දසනායක යුග පුරුෂයෙක් කියා කිව හැකියි. අනුකාරක ගීත වෙනුවට ස්වතන්ත්‍ර ගීත කලාවක් නිමවුමට මෙහෙයක් කල නිහඩ ස්වරවේදීයෙක් වූ මෙතුමා ගැන කෙටි සටහනක් මේ.

කේමදාසයන් එක්ක ගමන ඇරඹු ඔහු සිතාර් වාදකයෙක්.කේමදාසයන් ගේ සංධ්වනී වල සේම පටිගත කිරීම් වල ප්‍රධාන සිතාර් වාදකයෙක් වූ මෙතුමා පසු කාලීනව මාස්ටර්ගෙන් මතභේදයක් උඩ ඈත් වනවා. පස්සේ සිතාරය ඔහු රෝහණ වීරසිංහ යන් අතට දීලා වෙනම ගමනක් යනවා. බලන්න අපේ රටේ මෑතක බිහි වූ ප්‍රභල ස්වරවේදීන්ගේ තෝතැන්නක ආරම්භය.
කෝම හරි දසනායකයක් සංගීතය ඉගෙන ගෙන ගුරුවරයෙක් ලෙස සේවය කරන ගමන් කලාප සංගීත අධයක්ෂක වරයෙක්ද වනවා. නුමුත් ඔහු නිර්මාණ කටයුතු දිගටම කරන් යනවා ඒ අතර.
ඔහු සේන සමරසිංහ ,ලෙනින් මොරායස්,යසපාලිත නානායක්කාර ,ආනන්ද වික්‍රමසිංහ , තිමති වීරරත්න , දයා විමලවීර වැනි වානිජ සිනමාවේ අධයක්ෂක වරුන්ගේ ප්‍රධාන සංගීත නිර්මාණකරු වූ මෙතුමා හදපු තනු ගැන නම් වදන් නෑ. අනුකාරක ගීත කලාව තුල හින්දි නොවේ හින්දි වගේ ගී හදලා හෙල ගී කෙත පෝෂණය කල මෙතුමා විවිධත්වයෙන් යුතු ගී නිමවුවා සිනමාවට සහ සරල ගීතයට.
සල් සපුනා නිල් මානෙල්, රොන් සොයා, අමර පෙම් ලතාවේ, පාට පොදක්, මියුරු පෙම් ලතාවේ, පෙම් රස වෑහෙන, හද විමන් දොරින්, රන් මසු රන් කිරි ගරුඪ තලාවක , ලස්සන නම් නෑ පෙනෙන්නේ , උන්මාද සිතුවම් , ලස්සන ලෝකේක , හිම කදු යහනේ
වැනි සිනමා ගීත මතකයි නේද ... ? ඒ සියල්ල එතුමාගේ...
සිතිජය,සංගීතා,වානරයෝ,දිනුම් කණුව, එක්ටැම්ගේ,දුහුළුමලක් , ඈතින් ඈතට,එයා දැන් ලොකු ලමයෙක්, සටන, දිනුම , වන මොහිණී , අහිංසා වගේ චිත්‍රපට 200 කට කිට්ටු ප්‍රමාණය යකට ඔහු සංගීතය නිමවූවා.
ලතා,ජෝතී,ඇන්ජලීන්, මිල්ටන්, ග්‍රේෂන්, චන්ද්‍රිකා වෙත සිනමාවේ ගී බොහෝමටක් නිමවූ ඔහු අමරදේවයන්, නන්දා මාලනී, සනත් නන්දසිරි වික්ටර් රත්නායක ,ඉන්ද්‍රානී.පෙරේරා, අබේ- නිරංජලා, චන්ද්‍රලේකා පෙරේරා , නීලා වික්‍රමසිංහ වැනි ශිල්පීන්ට ගී රැසක් නිමවුවා.
ඔහු නිමවූ ගී අතර පහත ගී වල මා විශේෂත්වය ක් දකිනවා සේම මා බොහෝ ප්‍රියයි ඒවාට.ටිකක් ඇසෙනවා අඩුයි ඒ ගී.
❤️🩷බුදුනේ බුදු පියාණනී ( ශෙල්ටන් පෙරේරා, සුනිල් ආරියරත්න යන්) සසර චේතනා හී මේ ගීය බුද්ධාලම්බන ප්‍රීතීය මහාර්ඝ ලෙස දැක්වූ එස්.ඩී බර්මන් කරපු තනුවක් වගේ විශිෂ්ඨ නිමවුමක්..🧡💛
💚💙පාට පොදක් ( ජෝතී ඇන්ජලීන් සෝමපාල ලීලානන්ද , කස්තුරි සුවද ) ලස්සනම Interroute එකක් සහ ලස්සනම music arrangements හිමි ගීතයක්.🩵🖤
🩶🤍පුන් චන්දා සේ සෝබන (නන්දා/ අජන්තා/ නිලියකට පෙම් කලෙමි) - නාඩගම් ගී ආකෘතිය ට නිමවූ ගීයක්. අද්විතීය නිමවුමක්.. 🤎💞
💓💕සත්සයුරේ ( ග්‍රේෂන් චන්ද්‍රිකා ,සටන) මේ ගීය මා අසපු ඉහලම සංගීත සංයෝජනයක් තිබූ ප්‍රභල සිනමා ගීතයක්. සනත්- වසන්ති තිරයේ පෙම්වතුන් වූවා එහී.❤️‍🔥❣️❤️‍🩹
🎬🎤සපුමල් කුමරෝ ඇලේ දොලේ (නිරංජලා,ධනවිලවිතාන, ප්‍රේමකිර්තී) බොහෝම සෞම්‍ය සංගීතයක් හිමි ආදරණීය ගී දෙකක්🎧🎼
🎹🥁🎸🪗🎺කරදිය සුලගට (නිරෝෂා,නිලාර්) ,භාවය ලස්සනටම තිබෙන සංවේදනීය තනුවක්...🎷🪈🪇🪘🎻🎲♟
ඔහු ගේ නිර්මාණ පුදුම ලස්සනයි. ඒවා legends. ඔහු බෙනට් රත්නායක ගේ තරු ටෙලි නාට්‍ය ටද සංගීතය නිමවූවා.
ඔහු චිත්‍රපට නිෂ්පාදකයෙක් ද වූවා මා දන්නා ලෙස...
අරගලය කාලේ තේමාගීය වගේ වූ යදමින් බැද විලංගූ ලා ගීයද මෙතුමාගේ තනුවක්. එසේම ස්වාධීන රෑපවාහීනී සේවයේ "සමනල සිරිපා පියුම දොවාගෙන" ත් එතුමාගේ නිමවුමක් මගේ හිතේ (මේ කරුණ නං මම හරියට නොදනී අදහසක් දක්වන්න.)
සෝමපාල ලීලානන්ද යන්, මහාචාර්ය සූනිල් ආරියරත්න යන්, ආචාර්ය අජන්තා රණසිංහයන්, කුලරත්න ආරියවංශ යන් එතුමාට පැබැදූ ගීද මතක් කල යුතුයි.ඒවාගේ මිහිර සහ සාහිත්‍යය තමා ඔහු තනුගත කලේ.
ඔහු ගී තනු අතර මගේ දින පොතේ, කුරුම්බැට්ටී මැසිමෙන් , නාඩන් පුංචි හිරමණේ (ප්‍රදීපා ධර්මදාස) වැනි ගීතද වෙනස් රහක් ගත්තා
මෙතුමාගේ නිර්මාණ ගැනපොත් පෙලක් උනත් ලිව්ව හැකී. මේ එතුමා ගැන පුංචී සටහනක්.එතුමාගේ පුත් රංග දසනායක ද ජූලියා වැනි චිත්‍රපට වල සංගීතය නිමවූ ඔහූ ශබ්ද පරිපාලනය උගන්වන ආචාර්‍යවරයෙක්.. රංග දසනායක නිමවු අජිත් බණ්ඩාර ගයන වසන්ත දුක්ගන්නාරාළ ලියූ විලක් නෙළුම් මල් අරංගීය හරිම අගෙයි.ඒවගේම ජූලීයා හී කැළුම් ශ්‍රීමාල් ලීයූ බාජී චරිත් ගයන සරත් සදේ ද ලස්සන නිමවුම්.මුහුද දෙබෑ කරන ගීයද මා දන්නා ලෙස ඔහුගේ.ඔහුත් පියා වගේ දක්ෂයෙක්.
මං මේ සටහන අහවර කරන්නේ මගේ මතයක් එක්ක.මේකේ යම් පරස්පරයක් ඇති
අපේ රටේ සිනමාව ගියේ ගීත උඩ. අදටත් සරත් දසනායක යගේ තනු අමරණීයයී.එතුමා සහ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස යන් , සුනිල් ශාන්තයන්, ආනන්ද සමරකෝන්, මොහෝමඩ් ගවුස් මාස්ටර්ගෙන් ඇරඹී ස්වත්‍රන්ත්‍ර ගී කලාව ඉදිරියට ගෙන ගියා. කේමදාසයන් සහ දසනායකයක් නොමැති නම් අහන්න ගීත කලාවක් නෑ කියා මට හිතේ. මොකද ඒ දෙදෙනාගේ ආරම්භයෙන් ඇරඹී ඒ අනුප්‍රාසය තමා අදත් තීන්නේ. ඒ දෙදෙනා ව්සල් කණු දෙකක් වූවා. අවස්ථාව න් ලැබී ඒවා නොකෙලෙසූ මේ ස්වර වේදීන් එයින් කල සේවය අගය කල යුතුමයි
කෝම නමුත් දසනායකයක් කිසිදාක ජනප්‍රියත්වය නොපැතූ මහා පුරුෂයෙක්.
අදටත් ඔහු ගේ ස්වර,තනු,රිද්මයන් මොන හෝ විනාඩියක ඇහෙනවා. අප අතර නැති මේ අසහාය කලාකරුවාට නිවන් සුව පතමූ මේ අවකාශයෙන්
මං ලියූ මේ අල්ප විස්තරයට තව බොහෝ දේ එක් කිරීමට ඔබ සැමට භාරයි.

ඉසුරු නානායක්කාර - සිනමාවේදීන්

Back to top
Go to bottom