lan englan tam

පුවත්

සත්ත්ව හිංසාවට විරුද්ධ මානවවාදී සංගීතවේදියා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ඔහුට අවශ්‍ය දාර්ශනික සංගීතමය ශබ්ද නාද රටා අපෙන් එළියට ගත්තේ මේ ආකාරයෙන්, එවකට සමාජ මාධ්‍ය, මොබයිල් ෆෝන් කැමරා නැති සමයක මෙසේ මේ අතීතය රූපගත කිරීම ඉතා වටිනා දෙයක්.

එවකට ඔහු වෙනුවෙන් මා වැයූ වයලීන නාදය අද මම භාවිතා නොකරයි, එය ඔහුටම ආවේනික වූ අපෙන් ඔහු ලබා ගත් ශබ්ධ රසයකි,
ඒ මගේ වයලීනයෙන් නිකුත් වුනු බටහිර සම්භාව්‍ය ලක්ෂණ සහිත වයලීන නාදය විබ්‍රාටෝ ගුණය ඔහුගේ ඇවෑමෙන් මම සදාකල් වළලා දැමුවෙමි.
එය කේමදසයින්ට පමණක් උරුම වුනු සංස්කෘතිකමය කෞතුක නාදයකි.
මා එතුමා වෙනුවෙන් එතුමා සමග පටිගතකිරීම් 250 වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වී ඇත, මගේ හඬද ශබ්ධාගර තුල එතුමා භාවිත කල අවස්ථා එමටය.
ඒ කාලේ මට මුණගැසුණු, වැඩ කළ කලා ලොවේ යෝධයින් සිය ගණනක් සමග පින්තුරයක් ගැනීමට කැමරාවක් සැම විට නොමැති වීම මහා කණගාටුවට කරුණකි.
ප්‍රේමසිරි කෙමදාස යනු ඉතිහාසයේ විසු පුදුම සහගත මහා සරල මිනිසෙකි, මිනිසුන් එතුමන්ට සාහිත්‍යක් ලිවීය, ඇත්තටම මට හමුවුණු කේමදාසයන් යනු විටක පාලකයන්ට බැන වැදුණු ලාංකීය පුත්‍රයෙක්, විටක රාජ්‍ය ගෞරව රාජ්‍ය සම්මාන ලැබූ ප්‍රභූවරයෙක්, ප්‍රබල ගුරුවරයෙක්, විටක ශබ්ධාගර, මාධ්‍ය ආයතන, ප්‍රසංග ශාලාවල යෝධ පෞරුෂයක්, විටක පුංචි අසරණ සතුන්ට කෑම පිලියල කල පරිසරවේදියෙක්, ගෞරවනීය පියෙක්, තවත් විටක බිරිඳට අවශ්‍ය හාල්, සීනි ගෙනෙන්න කඩේට පයින් ගිය මහා සරල මිනිසෙක්, මම කේමදාස නම් සරල මානවහිතවාදී සත්ව හිංසාවට විරුද්ධ උතුම් මිනිසා කලක් ගැඹුරින් ඇසුරු කලෙමි.

සංගීතවේදී දිනේශ් සුබසිංහ

Back to top
Go to bottom